ලංකාවේ ටෙලි විෂන් පේ්රක්ෂකයන් තුෂ්නිම්බූතව සිටින මොහොතකි. අධ්‍යාපන අමාත්‍යාංශය නිදි වැදී ඇති මොහොතකි. ගුරු සංගම් අහක බලාගෙන සිටින මොහොතකි.
ලංකාවේ ටෙලිවිෂන් ඉතිහාසයේ ගුරුවරුන් පිලිබඳව මේ තරම් ජරා ජීර්ණ ලෙස අශීක්ෂිත ලෙස මෙන්ම පාසල් දරුවන් අශෝභන ලෙස ක්‍රියා කරන උන්මන්තකයන් ලෙස හැසිරෙන අයුරු පෙන්වන ටෙලි නාට්‍ය නිර්මාණය වී නැත.
'දෙවෙනි ඉනිම' ටෙලි නාට්‍ය මගින් මේ රටේ සමස්ථ ගුරු සංහතියටම මෙන්ම පාසල් පද්ධතියටම කරනු ලබන්නේ නිග්රයකි.
ටෙලි නාට්‍ය කලාවකි. ඒ පෙරකලය. වර්තමානයේ ටෙලි නාට්‍ය ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරික අවශ්‍යතාව මත පෞද්ගලික චැනල් විසින් ටෙලි නාට්‍ය ජනප්‍රිය කරගැනීමේ මගෝඩි සෙල්ලම නිසා සමාජ ගතවන කාරණා තුළින් සිදුවන්නේ සමාජ පරිහානියට තව තවත් කුණු එකතු කිරීම මිස යහපතක් නොවේ.
'දෙවෙනි ඉනිම' ජනප්‍රිය ටෙලි නාට්‍ය ලෙස පත්කරන්නට මනාපය පළකරන්නැයි විවිධ අය සමාජ ජාලා තුළින් ඉල්ලීම් කරයි. 'දෙවෙනි ඉනිම' ඉන්දියානු ටෙලි නාට්‍ය රැල්ලෙන් පේ්රක්ෂකයන් බේරාගැනීමට පැමිණී එකම ටෙලි නාට්‍ය බව තවත් අය කියති.
ඉගුරු දී මිරිස් ගැනීමට ලංකාවේ ටෙලිවිෂන් වෙළෙන්දෝ ජනතාවට හුරු කරන්නට පටන් ගත්තේ අද ඊයේක නෙවේ.උන්මන්තක ටෙලිනාට්‍ය නරඹන නීතියෙන් වරදකරුවන් කෙරූ දේශපාලකයෙකු වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතයේ යෙදූ රාජ්‍ය නිළධාරීන් ට දඩුවම් කළ පවට චීවරධාරීන්ගේ පාත්තර වලට මුදල් දන්දෙන මිනිසුන් සිටින රටක 'දෙවෙනි ඉනිම' ඉන්දියානු ටෙලි නාට්‍ය විරෝධී, ජාතිමාමක සිංහලයන්ගේ එකම ගැලවුම් කාර ටෙලි නාට්‍ය වන්නේය.
ගරුවරයෙකු විසින් පාසල් දරුවන්ට කරනු ලබන තර්ජන ගර්ජන පහරදීමට තැත්කිරීම සහ පාසලට යන ළමයින්ගේ කොණ්ඩා මෝස්තර, ගුරුවරුන්ගේ කොන්ඩා මෝස්තර, හැසිරීම, බාවිතා කරන වචන, භාෂාව එකී මෙකී නොකී සියළු දෑම සමාජයට ඇති කරනු ලබන්නේ කිනම් යහපතක්ද?
අධ්‍යාපනය තුළ ඇති ශික්ෂණය, විනය, කී‍්‍රඩකයෙකු තුළ ඇතිකළයුතු මානව ගුනාංග, පාසල් දරුවන් තුළ තිබිය යුතු හැසිරීම ' දෙවෙනි ඉනිම' තුළින් විනාශ කර දමා ඇත.
ලංකාවේ ජනප්‍රිය පාසල් අතර බිග්මැච් කාලයට මෙරට කාන්තා පාසල්වලට සිදුවන අකරතැබ්බ පිටුපස සිටින්නේ මේ ව්‍යාපාරික ප්‍රජාවගේ දරුවන් බව නොරහසකි. ප්‍රසිද්ධ පාසල් පාසල් අතර ගුටි ගහ ගන්නේ විටෙක පේ‍්‍රම සම්බන්ධකම් මුල් කරගෙනය. විටෙක ජය පරාජය දරාගන්නට තරම් මානසික හික්මීමක් නැති නිසාය.
'දෙවෙනි ඉනිම' තුළ දුෂ්ටයාත් වීරයාත්, හොඳත් නරකත් යන පස් පංගුව එක්කොට පත අට එකට සිඳවා තිබේ. හොඳ ගුරුවරයෙකු නරක ගුරුවරයෙකු, හොඳ ශිෂයකෙුද නරක ශිෂයයෙකුද, හොඳ ශිෂ්‍යාවක ද නරක ශිෂ්‍යාවන්ද, හොඳ ගුරුවරියක නපුරු ගුරුවරියකද, හොඳ පවුලක්ද කුහක ස්ත්‍රියක්ද, හොඳ සැමියෙක්ද නරක සැමියෙක්ද, හොඳ පෙම්වතෙකු නරක පෙම්වතෙකු ද ආදී වශයෙන් 'දෙවෙනි ඉනිම' තුළ රග දක්වන චරිත තුළින් උපායශීලීව චරිත විකාශනයක් කරනු ලබන අතර, පේ්රක්ෂකයා හොඳ චරිතවලට කැමති වන අතර නපුරු නරක චරිත වලට ද්වේශ කරමින්, එම චරිත වලට ශාප කරමින් මෙම ටෙලි නාට්‍ය නරඹන්නේ නපුරු, දුෂ්ට චරිත වලට මගදි අසුවුවහොත් පොල්ලෙන් ගසා දඹුල්ලේ තරුණයා මැරූ ලෙස මරා දමන්නට තරම් වූ මනසිනි.
අද සමාජය යනු කව්ද?කරන්නේ කුමක්ද?සමාජයට අවශ්‍ය වන්නේ මොනවාද?අද සමාජය ට අවශ්‍ය වන්නේ සිදූ , දෙවෙනි ඉණිම වැනි නාටකනම්, sex නම්, වලත්තකම් නම්, කුණු නම්, ඩෙංගු නම්, පොලිතීන්මනම්, කසිප්පු නම්, ගංජනම්, දුප්පත්කමනම්, නොදියුනු කමනම්, දුෂ්ටකම්නම්, කුහකකම්නම්, ජාතිවාද ආගම්වාදනම්, අමනුස්සකම්නම්, මුදල් ලාභ පමනක්නම් ඉතින් තව මොනවද?
ඉහත සඳහන් බොහෝ දේ ලාංකික ජනතාව ඉතා උන්මනාවෙන් අපේක්ෂා කරනු පෙනේ.
එහෙයින් දිගින් දිගටම මේ ඉල්ලා සිටින දෑ දෙන ඉඩකඩක් රටතුළ වර්ධනය කළයුතුය.
ජාතිවාදය වරින් වර ඇවිස්සිය යුතුය. ඉඳහිටක නොව සැමදිනකම ඒ හා සම්බන්ධව ලිවිය යුතුය. පෝස්ට් දැමිය යුතුය. ගැහැනු දැරිවියන් හෝ ස්ත්‍රි දූෂණයක් සිදුකර ඒවා වීඩියෝ කර, මිනීමැරුමක් සැළසුම් කර ඝාතනයක් සිදුකර, සියදිවි නසාගැනිමක් සැළසුම් කර සියදිවි නසාගැනීමට පෙළමවා වීඩියෝ කර අමු අමුවේ ඒවා මේ නාලිකාවල පෙන්විය යුතුය.
'දෙවෙනි ඉනිම', 'සිදූ' පමනක් නොව හින්දි අමු කොපි මෙරට පේ්රක්ෂකයන්ට පෙන්විය යුතුය. ධර්මයුද්ධය වැනි පවුලේ රහස් රකින පියවරුන් ගැන මව්වරුන් ගැන දරුවන් ගැන තව තවත් වෙනත් භාෂාවක චිත්‍රපටි මෙහේ නළු නිළියන් දම්මවා රූප රාමුවෙන් රාමුවට කොපි කර නිර්මාණය කළයුතුය.
නුදුරු දිනක music videoසඳහා sex,Rape ත්‍රීසම් ෆෝසම් ගෘප් සෙක්ස් සෙක්ස් කරන ක්‍රම ඒවායේ දිග පළල සහිතව ප්‍රසිද්ධ කළයුතුව ඇත.
මේ ලියන මොහොතේ කල්කි නවකතාව සිහියට නැගෙයි. කල්කි අහසේ සිට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාහේ විෂකැවූ නෙලුම් මල් පතිත කරවයි. කාලයක් යනවිට ලෝකයේ බොහො දෙනා මේ නෙලුම් මල්වලට වශී වී ඒවායින් උමතුවට පත්ව මියයයි.
වර්තමානයේ ප්‍රධාන පෙලේ මාධ්‍ය වෙළෙන්දන් කල්කිවරුන් මෙන් මෙවැනි විෂ යෙදූ විවිධ දෑ මගින් බොහෝ දෙනා ක්‍රම ක්‍රමයෙන් මරණයට පත්කරමින් සිටියි.
එමෙන්ම මෙරට සාමාන්‍ය ජනතාවගේ මාසික වේතනය හසුරවනු ලබන, මෙරට සුළු ව්‍යාපාරිකයාගේ ආදායම හසුරවනු ලබන අතලොස්සක් වූ වෙළෙන්දන්ගේ මාධ්‍ය නාලිකා මගින් මෙරට සමස්ථ ජනතාවගේ ඔලු හැසිරවීම භයානක ත්රස්තවාදයකි.
සාරා සමරසේකර