ලන්ඩනයේ හැරඩ්ස් වෙළෙඳ මන්දිරය ඉදිරියේ ඉඳිකර තිබූ එංගලන්තයේ රෝස කුසුම වූ ඩයනාගේ සහ ඇගේ පෙම්වතා වූ ඩොඩී අල්ෆයිඩ්ගේ ලෝකඩ ප්රතිමාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත .
මෙය ඉඳිකරන ලද්දේ ඩොඩී අල්ෆයිඩ්ගේ පියා වන මොහොමඩ් අල්ෆයිඩ් විසිනි.
2005දී ඉඳිකළ මේ ප්රතිමාව මෙතෙක් කලක් මහජන ප්රදර්ශනයට තැබුවද 2010දී මොහොමඩ් අල්ෆයිඩ් සිය වෙළෙඳ ආයතනය කටාර් රාජකීය පවුල වෙත අලෙවි කරන ලදී.
කෙසේ වුවද මේ දක්වා කටාර් රාජකීය පවුල ප්රතිමාව එම ස්ථානයේ තැබුවද, අද වන විට එය ඉවත් කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ ඔවුන්ට මේ ප්රතිමාවේ අගයක් නොමැති හෙයිනි. කෙසේ වුවද ඩයනා කුමරියගේ පුතුන් වන විලියම් සහ හැරී විසින් කොන්සිස්ටන් මාළිගාවේ මහජනයා වෙනුවෙන් විවෘත කොටසේ ඇගේ පිළිරුවක් ඉඳිකිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
දිල්