ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාල සන්නිවේදන යෙදවුම් කිහිපයක් මත ශ්‍රී ලංකාව තුල පසුගිය සතියේ සිට පණවා ඇති තහනම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අද දිනයේදී (13) කැඳවීමට ශ්‍රී ලංකා වෘතිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
Face to Facebook (මුහුණුපොතට මුහුණ දෙන්න) ලෙස නමින් සජීවීව පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව අද පස්වරු 2 ට මරදාන පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ(CSR) දී පැවැත්වීමට නියමිතය.