දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ මෙන්ම, වර්ණභේදවාදයට එරෙහි ක්‍රියාකාරිනියක වූ විනී මැන්ඩෙලා කළුරිය කළාය.
ඇය මිය යනවිට 81 වැනි වියෙහි පසුවූ අතර, දීර්ඝ කාලයක් රෝගාතුර වී සිටි බවත්, මෙම වසර ආරම්භ වීමත් සමග ඇය වරින් වර රෝහල්ගතව සිටි බවත් ඇගේ පවුලේ ප්‍රකාශක වික්ටර් ඩලාමිනී පවසා සිටියේය.
වසර 27ක් බන්ධනාගාරගතව සිටි සිය ස්වාමියා වූ නෙල්සන් මැන්ඩෙලා ඉන් නිදහස් වී පිටතට පැමිණෙන විට ඔහුගේ අතින් අල්ලාගෙන පැමිණි ඇයගේ ඡායාරූපය එකල වර්ණභේදවාදයට එරෙහි ව්‍යාපාරයේ ප්‍රබල සංකේතයක් බවට පත්විය.
වර්ෂ 1936 දී නැගෙනහිර කේප් හිදී උපත ලැබූ ඇය එකල හඳුනාගෙන තිබුණේ ට්රාන්ස්කී යන නමිනි.