හැරී කුමරු හා මේගන් කුමරිය අත්හැරීම ප්‍රගුණ කරයි
සසෙක්ස් හි ආදිපාද සහ ආදිපාදවරිය ලෙස සැලකෙන හැරී කුමරු හා මේගන් කුමරිය “ජ්‍යෙෂ්ඨ” රාජකීයයන් ලෙස පියවරක් ආපස්සට ගොස් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් හැරී කුමරු සහ මේගන් කුමරිය පවසන්නේ තමන් ගේ කාලය එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර ගෙවාදැමීමට අදහස් කරන බවයි.
බීබීසී ආයතනය පවසන්නේ මෙම ප්‍රකාශය කිරීමට පෙර ඔවුන් බ්‍රිතාන්‍ය මහ රැජින හෝ විලියම් කුමරු ඇතුළු වෙනත් කිසිදු රාජකීයෙකුගෙන් උපදෙස් ලබා නොගත් අතර බකිංහැම් මාලිගය ඒ ගැන “යම් කළකිරීමක්” ඇතිකරගෙන තිබෙන බවයි.
මේ නිවේදනයෙන් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ට ද "රිදවීමක්" සිදුවී ඇති බව ද ඔවුන් පවසනවා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී හැරී කුමරු සහ මේගන් කුමරිය මාධ්‍ය අවධානයෙන් ගැලවී සිටීමට කරන අරගලය ප්‍රසිද්ධියේ හෙළි කලා.
බදාදා ඔවුන් කළ මෙම අනපේක්ෂිත ප්‍රකාශයේ සහ ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර ඇති පණිවිඩයේ ද මෙම යුවළ පවසා ඇත්තේ “මාස ගණනක් පුරා සිතා බැලීමෙන් හා අභ්‍යන්තර සාකච්ඡාවලින් පසුව” තමන් මෙම තීරණය ගත් බවයි.
"අපි අදහස් කරන්නේ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස පියවරක් ආපස්සට ගොස් මූල්‍යමය වශයෙන් ස්වාධීන වී කටයුතු කරන අතරම මහ රැජිනගේ කටයුතු වලට පූර්ණ සහයෝගය දිගටම ලබා දීමට," බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කලා.
Source: BBC
සටහන : කපිල එම්. ගමගේ