කසුරි මහත්තයා නැත්නම් කරුණාදාස සූරියආරච්චි මහතා මෙලොවින් සමුගෙන ගොස් අදට වසර දහයකි..
සමහරෙකුට ඔහු ගැන මතකයක් නැති තරම් ය. මතවාදිව සමහරු ඔහුට කැමති නැත.
එවකටහෙතම ඉරිදා දිවයින සංග්රහයේ නියොජ්ය කතුවරයාය.
මම එවකට පුවත්පත් සදහා අන්වර්ත නමකින් නවකතා කිහිපයක් ලියා තිබුණත් මගේ නමින් නවලියට ලියු පළමු නවකතාව වූ සේපාලිකා මල් නවකතාව ලියන්න ට පිටුවක් වෙන්කර දුන්නෙ ඔහුය.
සුපර්ස්ටාර් තරග පටන් නොගෙන තිබුණද එස් එම් එස් තරගයකට එක්වූ ලංකාවේ පළමු නවකතා සේපාලිකා මල්ය.
නවලිය පුවත්පතේ අලෙවිය වැඩි වීමට එම නවකතාව හේතු වූ බැවින් කසුරි මහතාගේ යොජනාව වූයේ මම නවලියට තවත් නවකතාවක් ලිවිය යුතු බවය. සුවද සුළග ඇවිදින් නවකතාවට එකී නමද යොජනා කළ කසුරි මහතා නවකතාකරුවෙකු ලෙස මට මතු වීමට ඉඩහසර ලබා දුන්නේ ඔහුද නවකතාකරුවෙක් ලෙස නැගී එන අවදියේ.
එතුමා නවකතා හතක් හො අටක් ලියු අතර මට ග්රන්ථ ඇසුරින් ලිවීමට ශක්තිමත් අඩිතාලමක් දමා දුන්නේය..
එතෙක් මෙතෙක් නවලිය නියොජනය කළ පුවත්පත් කලාවේදීන් රැසක් සිටියද එම පුවත්පත ට කර්තෘ මණ්ඩලය නියොජනය කළ අය අතරින් නවකතා ලියන්න ට සමතෙක් වීමට මට අවස්ථාව ලැබුණි.ඒ කසුරි මහතාගේ මග පෙන්වීම නිසාය.
එපමණක් නොව මම 2007 දී ලියූ චතුරිකාගෙ ඇත්ත කතාව (සදකඩ ප්රකාශන එහි සෆීර් ප්රකාශන)
ජාත්යන්තර බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයේ මුලසුන දැරූ අතර එම නවකතාව පිළිබඳ ව ඔහු එවකට ප්රධාන කතෘත්වය දැරු සිළුමිණ පුවත්පතේ කටූසටහන නම් තීරුලිපියක්ද ලීවේය.
කෙසේ නමුත් මීට වසර දහයකට පෙර මිය ගිය කසුරි මහතා ගැන නවලියට මා ලියූ සටහන කියවා ඇතම් මාධ්යවේදීන් මට දොස් තැබුවද.. මට නවකතා කරුවෙකු ලෙස මතුවන්නට ඉඩ සලසා දුන් කරුණාදාස සූරියආරච්චි මහතා හෙවත් ආදරණීය කසුරි මගේ ජීවිතේ හැමදාම ලස්සන මතකයකි.
ආදරණීය කසුරි ඔබ අප යළිත් හමුවේවා.
සුගත් ශාන්ත මොරගහකුඹුර