lan englan tam

පුවත්

බාහු බලී”ගේ වාර්තාත් බිඳ දැමූ චාවා’’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ කථාව, මේ දවස්වල ඉන්දියාවේ අදායම් වාර්තා බිඳ දමමින් තිර ගත වන චිත්‍රපටයක් ගැනයි. ඒ තමයි ‘චාවා’.

විකී කෞශාල් ,රශ්මිකා මන්දානා සහ අක්ශේ ඛන්නා රංගනයෙන් දායක වන ලක්ශ්මන් උටේකර් විසින් අධ්‍යක්ෂණය කල චාවා චිත්‍රපටය මේ වන විට ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත වෙමින් පවතිනවා.
 
maxresdefault 1
 
ඊයේ දිනයෙන්  චිත්‍රපටයේ හතරවන සතිය ආරම්භ වූ අතර  සුළු පසුබැසීමකට ලක්ව තිබුනද චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ශක ප්‍රතිචාර අඩු වෙලා තිබුණේ නෑ.
 
 
‘චාවා’ සුපිරි තරු රැසකගේ චිත්‍රපට වාර්තා බිද දමමින් වැඩිම ආදායම් ලැබු චිත්‍රපට අතර හයවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
චාවා චිත්‍රපටය ප්‍රභාස් රංගනයෙන් දායක වු බාහුබලී 2 චිත්‍රපටයේ (හින්දි භාශා ගෘහස්ථ ආදායම් වාර්තාව) වු ඉන්දීය රුපියල් කෝටි 511 ක ආදායම බිද දැමීමට සමත් වෙලා තියනවා.
905720685 chhaava 202502
 
මේ වනවිට චාවා චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 530 ක ආදායමක් සහ ඉන්දීය රුපියල් කෝටි 700 ක worldwide ආදායමක් ලබා තිබේ.
 

kemadasa

shungara

Back to top
Go to bottom