lan englan tam

පුවත්

කමල් හසන්ගේ ‘Thug Life’ චිත්‍රපටයට තහනමක්?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන ජූනි 05 වනදා සිට තිරගත වීමට නියමිත ජනප්‍රිය දකුණු ඉන්දීය නළු කමල් හසන්ගේ ‘Thug Life’චිත්‍රපටය, ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට එහි රජයට මේ වන විට බලපෑම් එල්ල වී තිබෙනවා.

මීට හේතු වී තිබෙන්නේ පසුගියදා චෙන්නායිහි පැවති Thug Life’ චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩසටහනක් අතරතුරදී කමල් හසන් විසින් සිදුකරනු ලැබූ මතභේදාත්මක ප්‍රකාශයක් බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් මෙහිදී  "දෙමළ නිසා කණ්නඩ බිහිවුණා" (“Kannada was born out of Tamil”) යනුවෙන් ප්‍රකාශ කොට තිබුණා.

මෙම ප්‍රකාශය නිසා බලවත් සිත් රිදවිමට ලක් වූ බව පවසමින් කණ්නඩ හිතවාදී සංවිධාන කිහිපයක්ම වීදි බැස සිය විරෝධය පළ කළා.එමෙන්ම මෙම ප්‍රකාශය සිදු කිරීම ගැන සමාව ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා.

මෙම විරෝධතාවයන් සැළකිල්ලට ගනිමින් හා ඊට සහය පළ කරමින් අදාළ ප්‍රකාශය පිළිබඳව සමාව ගැනීමට කර්ණාටක වාණිජ චිත්‍රපට මණ්ඩලය (KFCC)විසින් කමල් හසන්ට පැය 48 ක කාලයක් ලබා දී තිබුණා.

කෙසේ වෙතත් කමල් හසන් විසින් අදාළ කාල සීමාව තුළ අදාළ ප්‍රකාශය පිළිබදව සමාව ඉල්ලා සිටීමට කටයුතු කර නැති බැවින් ඔහු අදාළ ප්‍රකාශය පිළිබඳව සමාව ඉල්ලා සිටින තුරු 'Thug Life’ චිත්‍රපටය කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රදර්ශනය තහනම් කිරීමට කටයුතු කරන බවයි කර්ණාටක වාණිජ චිත්‍රපට මණ්ඩලය (KFCC) නියෝජනය කරමින් එහි නියෝජිත Sa Ra Govindu ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ.

කෙසේ නමුත් කමල් හසන් තවමත් ඔහු කළ ප්‍රකාශය නිවැරදි යැයි මතයේ සිටින බවත්, ඔහු සමාව නොගන්නා බව ප්‍රකාශකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

    

kemadasa

Back to top
Go to bottom