lan englan tam

පුවත්

Miss World 2025: අවසන් තරගය අද!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි  HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත.

කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ලබනවා.

අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත.

එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන්

Sports Challenge - එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව)

Talent Challenge - මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව)

Head-to-Head Challenge - 

ආසියාව සහ ඕෂනියාව - ඉඩිල් බිල්ගන් (තුර්කිය)

යුරෝපය - මිලී-මේ ඇඩම්ස් (වේල්සය)

අප්‍රිකාව - ෆේත් බ්වාල්යා (සැම්බියාව)

අමෙරිකානු සහ කැරිබියන් - ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ)

 

Top Model Competition

යුරෝපය - ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය)

අප්‍රිකාව - සෙල්මා කමන්යා (නැමීබියාව)

ආසියාව සහ ඕෂනියාව - නන්දිනි ගුප්තා (ඉන්දියාව)

අමෙරිකානු සහ කැරිබියන් - ඕරේලි ජෝකිම් (මාටිනික්)

Beauty With a Purpose

වැලේරියා පෙරෙස් - (පුවර්ටෝ රිකෝ)

නටාෂා නියොන්යෝසි - (උගන්ඩාව)

මිලී-මේ ඇඩම්ස් - (වේල්සය) 

මොනිකා කෙසියා - (ඉන්දුනීසියාව)

Multimedia Challenge

ආසියාව සහ ඕෂනියාව - ඔපල් සුචාටා (තායිලන්තය)

යුරෝපය - ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ)

අමෙරිකා සහ කැරිබියන් - මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය)

අප්‍රිකාව - කේන්ද්‍රා ඉසී (කැමරූන්)

kemadasa

Back to top
Go to bottom