72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබ පැතුම් එක් කර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමිනුයි ජනධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත්තේ.
ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ජනාධිපතිවරයා එහි සඳහන් කොට තිබෙනවා.
අද දින ඇයගේ සාර්ථකත්වයට සුභ පැතුම් එක් කරන බවද ජනාධිපතිවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.
ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.
ලොව පුරා රූ රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.
පසුගිය මැයි 10 වනදා ආරම්භ වූ 2025 ලෝක රූ රැජින තරඟාවලියේ මාසයක් පුරා එක් එක් අදියරයන් යටතේ තරඟ පැවැත්වුනා.
මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.
අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 08 දෙනෙකු තෝරාගනු ලබනවා.
ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ලබනවා.
අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතයි.



