2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තය නියෝජනය කළ තරඟකාරිනිය වූ ඔපල් සුචතා චුවාංස්රි (Opal Suchata Chuangsri) හට හිමි වූවා.

දෙවැනි ස්ථානයට පත්වූයේ ඉතියෝපියාව නියෝජනය කළ තරගකාරියයි.
තෙවැනි ස්ථානයට පත්වූයේ පෝලන්තය නියෝජනය කළ තරඟකාරියයි.
ලෝක රූ රැජින තරගයේ සිව් වැනි ස්ථානයට පත්වූයේ මාර්ටනික්‍යු රාජ්‍ය නියෝජනය කළ තරඟකාරියටයි.
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළංගානා හීදී ආරම්භ වූයේ පසුගිය මැයි 10 වැනිදාය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 08 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඕෂනියා ලෙසයි.
අද පස්වරුවේ ඉන්දියාවේ තෙලංගාන ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී අවසන් තරඟය පැවැත්වුන අතර එහිදී අවසන් සිව්දෙනා අතරින් කිරුළ හිමි තරඟකාරිනිය තෝරාගනු ලැබුවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද අවසන් තරගයට එක්වූ අනුදි ගුණසේකර අවසන් 40 දෙනා දෙනා තෝරා ගැනීමේ වටයේදී තරගයෙන් ඉවත් වීමට සිදු උනා.
කෙසේ වෙතත් 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුවාය.
ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවට ද පත්වෙමිනි.



