‘සිම්පල් සයිමන්’, ‘සාරි ඇඳපු පිරිමි’ වැනි කෘතීන් රචනා කළ ලේඛක විෂ්ණු වාසු ලියූ නවතම කෘතිය ‘MADE in INDIA’ කෘතිය, හෙට (2025 ජූනි 03) එළිදැක්වීමට නියමිතයි.
කෘතිය දොරට වැඩීම එදින සවස 4.00 ට, කොළඹ 07, නිදහස් මාවත, පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනවා.
කෘතිය එළි දැක්වීමට සමගාමීව සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්වෙනවා.
ඔබ සැමට ආරාධනා.
වැඩි විස්තර - 077 -226 226 7
පහතින් දැක්වෙන්නේ හෙට පැවැත්වෙන ‘MADE in INDIA’ කෘතිය එළි දැක්වීම සහ සංගීත සන්ධ්‍යාව පිළිබඳව විෂ්ණු වාසු විසින් සිය මුහුණු පොතේ තබා තිබූ කෙටි සටහනක්.
හෙට සන්ධ්‍යාවේ පැවැත්වෙන මේ සරළ චාම් සංගීත සන්ධ්‍යාව රසවිඳින්න ඔබත් එන්න. අපි හරියටම වෙලාවට හවස හතරට ප්‍රසංගය ආරම්භ කරනවා. ඒ නිසා කලිං එන්න. පුටු සීමිතයි. වැඩිහිටියන්ට පුටු පරිත්‍යාග කරලා හැකි හැමෝම වේදිකාව ඉදිරියේ පැදුරැ ඇතිරෑ බිම තැන්පත් වෙන්න. කුෂන් එකක් අරං එන්න.

('Vishnu Vàsu' Facebook පිටුව ඇසුරිනි)



