ඔන්න,ලංකාවේ ජනකාන්තම ගායිකාව වෙන සශිකා නිසංසලා අලුත්ම ගීතයක් එළි දක්වලා තියනවා.
මේ ගීතයේ නම් කරලා තියෙන්නේ ”හිතක් පපුවක් නැද්ද?’ යන නමින්.
ආදරය ගැන කතා කරන මේ ගීතයට සශිකාගේ හඬ එකතු උනහම ම කොතරම් හදවතට දැනෙන විදිහට මේ ගීතය ගායනා කරලා තියෙනවද කියලා ඔබට වැටහෙයි.
ඒ වගේම මේ ගීතයේ Music Video එකත් හරිම අපූරුයි.
මේ ගීතය රචනා කළේ යශෝධා අධිකාරි විසින්.
මේ ගීතය හා එහි music video එක ගැන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න සිය මුහුණු පොතේ මේ වගේ අපූරු සටහනක් තබලා තිබුණා.
පහතින් දැක්වෙන්නේ ඒ සටහන.
මියුසික් වීඩියෝ එක්ක කියලා අපිව රවට්ටන චූටි ස්වීට් මලයාලම් චිත්‍රපටියක් තියනවා.
Nimna Dewapura තමුසෙනං සොමි බඩුවක් ඔයි...
Sashika Nisansala හැමදාම වගේ සිම්පල් බට් මැජිකල්...
මට මැජික් එක Akalanka Prabashwara නෙවෙයි. ඌ ඒ සීමාව පැනලා ඉවරයිනේ. උගේ ආතල්ම කෑල්ල අන්තිමට තියන ඇස් පියාගෙන ඉන්න රියැක්ෂන් එක... 100%.... මේ දැකපු නැති අළුත් ගෑණු දරුවෝ දෙන්නා... හම්මේ ඒ මූණු සහ ඇක්ටින්.... මගේ දවසම ආතල් උණා....
මේ නිම්නයාට කවුරුහරි ඉන්වෙස්ට් කරපල්ලකෝ ෆිල්ම් එකක් හදන්න....
පහතින් සශිකා නිසංසලාගේ මේ අලුත්ම ගීතය ඔබට නරඹන්න පුළුවන්.



