lan englan tam

පුවත්

ප්‍රසන්න ජයකොඩිගේ ‘චන්දරේගෙ Wife’ ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංකාරා’,කර්ම’, ‘28’, ‘දඩයක්කාරයා’ වැනි චිත්‍රපට නිර්මාණය කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩිව ඔබ දන්නවානේ.

පසුගිය කාලේ ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුල ඉතා ජනප්‍රිය උන ‘එයා දැන් බැඳලා’ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළේත් ප්‍රසන්න ජයකොඩි විසින්.

ඉතින්, ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය තමයි ‘චන්දරේගෙ Wife’ (Mammals' Love)  කියලා කියන්නේ. මෙහි නිෂ්පාදන කටයුතු මේ වෙන කොට සම්පූර්ණයෙන්ම අවසන් කියලා තමයි වාර්තා වෙන්නේ.

‘චන්දරේගෙ Wife’ චිත්‍රපටයට සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලීකා මාරපන, නදීශා හේමමාලී ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙනවා.

ඉතින් වැඩ අවසන් උන ‘චන්දරේගෙ Wife’ චිත්‍රපටය තිරගත වෙන දවස ගැන බොහොම ඉක්මනින් අපට දැනගන්නට ලැබෙයි.

503891159 122116403954853120 2242444096358036098 n 

502844629 122115485894853120 3401998083678768129 n

502901618 122114997488853120 7585264436978255085 n

 

kemadasa

Back to top
Go to bottom