lan englan tam

පුවත්

ඔස්කාර් සම්මාන ලාභී සුප්‍රකට හොලිවුඩ් නළු Jeremy irons දිවයිනට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී  සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළු ජෙරමි අයන්ස් (Jeremy irons) ඊයේ (17) මෙරටට පැමිණියා.

ඒ ජාත්‍යන්තර ප්‍රදර්ශනය අරමුණු කොට ගෙන මෙරටදී නිෂ්පාදනය කෙරෙන දැවැන්ත චිත්‍රපටයක් වන 'The Caged Bird' සිනමා නිර්මාණයේ රංගනයකටයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන වන චන්ද්‍රන් රත්නම් විසිනි.

ජෙරමි අයන්ස් ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-144 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබුණේ ඊයේ (17) රාත්‍රියේයි.

මෙහිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍ර විජේවර්ධන සහ ජාත්‍යන්තර චිත්‍රපට නිර්මාණ සහ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ ඇතුළු පිරිස ඔහුව උණුසුම් අයුරින් ශ්‍රී ලංකාවට පිළිගනු ලැබුවා.

ඒ අනුව ඔහු ඉදිරියේදී 'The Caged Bird'  චිත්‍රපටයේ රූගත කිරීම් වලට සම්බන්ධ වීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා, සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් ද ඊයේ (17) මෙරටට පැමිණියා.

'The Caged Bird' චිත්‍රපට‍ය නිෂ්පාදනයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව චිත්‍රපට හා සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සහ ජාත්‍යන්තර නළු නිළියන්ගේ සහ සිනමා ලෝලීන්ගේ ගෝලීය අවධානය මෙරටට ආකර්ෂණය කර ගැනීමයි.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom