lan englan tam

පුවත්

"200+; Beyond the Struggle" ඡායාරූප ප්‍රදර්ශනය (ජූනි 23,24)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය මලයහ දෙමළ ප්‍රජාවේ ජීවමාන යථාර්ථයන් පිළිබඳව ආලෝකය විහිදුවන ආකර්ෂණීය නව ඡායාරූප ප්‍රදර්ශනයක් එළඹෙන සතියේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී විවෘත වීමට නියමිතයි.

"200+; Beyond the Struggle” ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 23 සහ 24 යන දෙදින පුරා පැවැත්වෙන අතර මෙහි නිල සමාරම්භක උත්සවය ජුනි 23 වන සඳුදා පෙ.ව. 11:00 ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වෙනවා.

මෙම ප්‍රදර්ශනය  සංවිධානය කරනු ලබන්නේ විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CPA) විසින් වන අතර සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ රටේ ගෝලීය වශයෙන් කීර්තිමත් තේ කර්මාන්තය පවත්වා ගෙන ගිය මලයහ දෙමළ ප්‍රජාව මුහුණ දෙන සමාජ-ආර්ථික සහ සංස්කෘතික අභියෝග පිළිබඳව විවේචනාත්මක සංවාදයක් සහ පරාවර්තනයක් ඇති කිරීම අරමුණු කරයි.

මෙහි මුලපිරීම වශයෙන් 2020 වර්ෂයේ පැවැත්වු “The Kahata” ඡායාරූප ප්‍රදර්ශනයෙ හි සාර්ථකත්වය මත පදනම් වෙමින් මෙවර "200+; Beyond the Struggle” ඡායාරූප ප්‍රදර්ශනය බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජා සාමාජිකයින් විසින් ලබා ගන්නා ලදා ප්‍රබල ඡායාරූප කතන්දර 25 කින් සමන්විත වනවා.

“200+: අරගලයෙන් ඔබ්බට” ඡායාරූප ප්‍රදර්ශනය ඔබ සැමට නොමිලේ සහ විවෘතයි.

 

504765128 1118683456951881 5955207024806333751 n

kemadasa

shungara

Back to top
Go to bottom