lan englan tam

පුවත්

චන්ද්‍රන් රත්නම්ගේ "A Caged Bird" චිත්‍රපටය තවත් දැවැන්ත වන ලකුණු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 ලාංකීය සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වන වන චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන දැවැන්ත සිනමා නිර්මාණයක් වන  ‘A Caged Bird” ලාංකීය චිත්‍රපටයේ වැඩකටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා.

මෙහි රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ දීයි.

දේශීය මෙන්ම විදේශීය - (හොලිවුඩ්, කොලිවුඩ්) රංගන ශිල්පීන් ද මීට රංගනයෙන් එක්වීම විශේෂත්වයක්.

මීට රංගනයෙන් එක් වීමට පසුගියදා (17) ජනප්‍රිය ඉන්දියානු - දමිළ නිලියක වන වරලක්ෂ්මි සරත්කුමාර් ද මෙරටට පැමිණියා.

'Raayan', 'Maari 2', 'Sandhakozhi', 'Madha Gaja Raja', 'Max' වැනි ප්‍රසිද්ධ දමිළ නිර්මාණ රැසක රඟපෑ ඇය ඉදිරියේදී තිරගත වෙන, තලපති විජේගේ 'Jana Nayagan' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකටත් සම්බන්ධ වී තිබෙනවා

එමෙන්ම ඊයේ (18)  මෙරටට පැමිණි  සුපිරි හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් (Jeremy Irons) ද මෙම චිත්‍රපටයට රංගනයෙන් එක් වීමට නියමිතයි. හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මාන පවා හිමි කරගෙන තිබෙන අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජෙරමි අයන්ස් රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර Batman vs Superman, The Man Who knew Infinity , Lolita, The Bee Keeper වැනි චිත්‍රපට තිබෙනවා.

509418406 728282596231165 8800009987111531355 n 1සුප්‍රකට හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් ගේ ඡායාරූපයක්

එමෙන්ම “A caged bird” සිනමා නිර්මාණය සඳහා දෙස් - විදෙස් තාක්ෂණික ශිල්පීන් රැසකගේ සහභාගීත්වය ලබා ගැනෙන අතර රූගත කිරීම් සදහා නවීනතම තාක්ෂණික උපකරණ භාවිතා කෙරෙනවා.

'අලිමංකඩ' - 'A Comman Man' - 'According to Mathew' ආදී චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන චන්ද්‍රන් රත්නම්, ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාපට රැසකම line producerවරයෙකු ලෙසත් කටයුතු කළා.

'Indiana Jones & Temple of Doom', 'Ready',  'Water', 'Jism 2' වැනි සිනමාපට ඔහු සම්බන්ධ වූ විදෙස් නිර්මාණ අතරෙ හි දැකගන්නට හැකියි.

ඉතින් ඉදිරියේදී  “A caged bird” චිත්‍රපටය ගැන තවත් විස්තර අපට දැන ගැනීමට හැකි වේවි.

 

kemadasa

shungara

Back to top
Go to bottom