ජනප්‍රිය මලයලාම් නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වන ‘Patriot’ මලයාලම් චිත්‍රපටයේ රූගත කිරීම් දැන් නැවතත් ශ්‍රී ලංකාවේදී ආරම්භ කොට තිබෙනවා.
ඉන්දියානු මලයාලම් සිනමාවේ සුප්‍රකට නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂක වරයෙකු ද වන මොහාන්ලාල් විශ්වනාත් පසුගියදා (15) මෙරටට පැමිණියේ ද මීට රංගනයෙන් එක් වීමටයි.

මෙවර ‘Patriot’ සිනමාපටයේ රූගත කිරීම් දින 10 පමණ සිදු කිරීමට නියමිතයි.
මමුට්ටි, ෆහාද් ෆාසිල්, කුන්චාකෝ බොබන්, නයනතාරා ඇතුලු තවත් ජනප්‍රිය ඉන්දීය සිනමා තරු රැසක් මෙහි රංගනයෙන් එක්වීමට නියමිතයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න්නේ මහේෂ් නාරායනන් විසින් වන අතර ‘Malik’, ‘C U Soon’,’Take off’ වැනි සිනමා නිර්මාණ වල අධ්‍යක්ෂකවරයා වූයේ ඔහුයි.
එමෙන්ම අද දිනයේ මෙහි රූගත කිරීම් පැවැති අවස්ථාවක සුප්‍රකට මලයාලම් නළු මොහාන්ලාල් විශ්වනාතන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමටද පැමිණ සිටීම විශේෂ සිදුවීමක් උනා.

ඔහු පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුර නියෝජ්‍ය කථානායකවරයා විසින් මොහාන්ලාල් පිළිගනු ලැබූ අතර, මහජන ගැලරියේ සිට ඔහු පාර්ලිමේන්තු කටයුතු දැකබලාගෙන තිබුනා.




