lan englan tam

පුවත්

හෙට සිට ලොව පුරා තිරගත වන ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටය “KUBERAA”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපිරි ඉන්දියානු නළු ධනූෂ් සමගින් රශ්මිකා මන්දනා සහ නාගර්ජුනා ප්‍රධාන චරිත නිරෑපණය කරන “Kuberaa” නවතම චිත්‍රපටය හෙට (20) දා සිට ලොව පුරා තිර ගත වනවා.

“Kuberaa” චිත්‍රපටයේ ආකර්ශණීය පෝස්ටරයක්ද ඊයේ (18) දිනයේ නිකුත් කර තිබුණා.

509315379 122233988930136554 8536736040626777352 n

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සේකර් කම්මුලා (Sekhar Kammula) විසින්.

ඉතින්, සුපිරි නළු දනුෂ් මෙම චිත්‍රපටය හරහා ඔහුගෙන් මෙතෙක් නොදුටු වෙනස්ම අකාරයේ රංගනයකින් දැක ගත හැකි බවයි සදහන් වන්නේ.

එමෙන්ම ධනුෂ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට රංගනයෙන් එක්වන පනස් එක් වන අවස්ථාව මෙය වනවා. එමෙන්ම මෙය ඔහු ,තෙළිඟු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් යටතේ රංගනයෙන් දායක වන ඔහුගේ 2 වන චිත්‍රපටය බව ද සඳහන්. පළමු චිත්‍රපටය වෙන්කි අට්ලුරි විසින් අධ්‍යක්ෂණය කල ‘VAATHI’ චිත්‍රපටයයි.

Sekhar Kammulas Kuberaa starring Dhanush Nagarjuna and Rashmika to release June 20 2025

ඉතින් හෙට සිට ලොව පුරා තිරගත වෙන මේ චිත්‍රපටය දෙමළ, තෙළිගු, හින්දි, කන්නඩ හා මලයාලම් භාෂා වලින් නිකුත් වෙන්න නියමිතයි.

පහතින් දක්වලා තියෙන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි >>>

kemadasa

shungara

Back to top
Go to bottom