පසුගිය(15) වෙනිද ඉදන් ජාතික රූපවාහිනියෙන් විකාශනය වීම ආරම්භ උන අලුත්ම ටෙලි නාට්‍යය තමයි 'THE LAKE' කියලා කියන්නේ.
මේ ටෙලි නාට්‍යය සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්.
මේ ටෙලි නාට්‍යය ගැන විස්තර ටිකකුත් ඔබට සදහන් කරන්නම්.
කොටස් 40 කින් සමන්විත මේ ටෙලි කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ ධනුෂ්ක රේමන්ඩ් විසින්. මෙය රසික සුරවීරආරච්චිගේ තිර රචනයක්.
නිෂ්පාදනය සේමිණී ඉද්දමල්ගොඩ හා අතුල ඉද්දමල්ගොඩ විසින් සිදු කරනවා.
සෞම්‍ය ලියනගේ ,සේමිණී ඉද්දමල්ගොඩ, බිමල් ජයකොඩි, ජගත් චමිල, ෂේවියර් කණිෂ්ක, චතූ රාජපක්ෂ, දුමී වන්නිආරච්චි, චමත්කා ලක්මිණී වැනී ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ වසර 18 කට පසු ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වීමත් මෙහි විශේෂත්වයක්.
'THE LAKE' ටෙලි කතා මාලාව Thriller, Psychological Thriller, Horror වැනි ප්‍රවර්ගවල ලක්ෂණ සහිත ටෙලි නාට්‍යයක් විදිහට ගන්න පුළුවන්.
මෙහි කතාව ගොඩනැගෙන්නේ ධනවත් තේ වතු හිමියෙකු වන ග්‍රෑන්සන්ඩ් රාමවත්ත (සෞම්‍ය ලියනගේ මෙම චරිතය නිරූපණය කරයි) යන පුද්ගලයා පාදක කර ගනිමිනුයි. ව්‍යාකූල මානසිකත්වයක් සහිත ඔහු හුදකලාව ඔහුගේ බංගලාවේ සේවක සේවිකාවක් සමග ජීවත් වන්නෙකි. එක් දිනක් තරුණියන් දෙදෙනෙක් විනෝද චාරිකාවක් සඳහා මෙම බංගලාවට පැමිණීමත් සමඟ කතාව ඉදිරියට ගමන් කරනවා.
මෙලෙස පැමිණෙන තරුණියන් එක් වරම අතුරුදහන් වීමට පටන් ගන්නා අතර මෙය සිදු වන්නේ එක් වරක් පමණක් නොවේ. කෙසේ වෙතත් මෙම තරුණියන්ට සිදු වන්නේ කුමක්ද යන්න අභිරහසක් වන අතර තේ වත්ත කෙළවර විලක් පිහිටා තිබෙන අතර මෙම තරුණියන්ට සිදු වන දේ හා මෙම විල අතර සම්බන්ධයක් පවතී.
ඉතින් අද (21) රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් මෙහි දෙවන කොටස විකාශය වෙනවා.
ප්‍රේක්ෂක ඔබට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම රාත්‍රී 8.30 ට 'THE LAKE' ජාතික රූපවාහිනියෙන් වගේම වගේම ‘Srilanka Rupavahini’ යූ ටියුබ් නාලිකාව හරහාත් නරඹන්න පුළුවන්.
පහතින් දක්වා තිබෙන්නේ මෙහි පළමු කොටසයි>>>




