lan englan tam

පුවත්

ලංකාවේ ජනප්‍රිය යූටියුබර්ස්ලා හත්දෙනෙක් එකම චිත්‍රපටියක “ඒක තමයි මේක” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙරට ජනප්‍රිය යූටියුබර්ස්ලා හත්දෙනෙක් එකම චිත්‍රපටයකින් ඔබ හමුවට එන අලුත්ම චිත්‍රපටය තමයි "ඒක තමයි මේක".

මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුරංග ද අල්විස් විසින්.

'ලෝචි', 'රැට්ටා', 'ජනයි ප්‍රියයි', 'ලකයි සිකයි', 'සිරිල් අයියා' යන ජනප්‍රිය යූටියුබ් කරුවන් හත්දෙනා මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වෙනවා.

509422782 24526338160318921 9011422617687748099 n

 

මීට අමතරව රන්ජන් රාමනායක, ජනිත් වික්‍රමගේ, සංජානා ඔනාලී, සංගීත් ප්‍රභූ, කළණ ගුණසේකර, දමිතා අබේරත්න, වින්සන් ගුනරත්න, ආනන්ද වික්‍රමගේ, පියුමි බොතේජු... ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා.

මෙහි තිර පිටපත නිර්මාණය කළේ සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ විසින්.

විදේශගත වීමට ලංකාවේ විවිධ පලාත්වලින් කොළඹට පැමිනි තරුණයන් පස් දෙනෙකුට සහ එක තරුණියකට කොළඹදී මුහුන දීමට සිදුවෙන සිදුවීම් මාලවක් පාදක කරගෙන තමයි කතාව ගොඩනැගෙන්නේ.

‘ෆන්කි ඩට්” මෙහි සංගීතය සඳහා දායකවන අතර  චිත්‍රපටයේ කැමරාඅධ්‍යක්ෂණය ගාමීනී මොරගොල්ලාගම විසින් සිදු කොට තිබෙනවා.

නිෂ්පාදනය රූපහල ප්‍රඩක්ෂන් සහ සංගීතා ෆිල්ම්ස්.

"ඒක තමයි මේක" චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ නිල ගීතයේ වීඩියෝවයි.

(ඡායාරූප උපුටා ගැනීම 'Suranga de Alwis' facebook  පිටුව හා යූ ටියුබ් නාළිකාව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom