ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “රිවස්ටන්”(Riverstone) ලාංකික සිංහල චිත්‍රපටය, චීනයේ පැවැත්වෙන 27 වන ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (SIFF) අද (21), විදෙස් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවා.
මෙහිදී ‘Asia new talent’ අංශය යටතේ විශිෂ්ඨතම කැමරාකරණයට (Best Cinematography) හිමි සම්මානය ‘රිවස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් එහි කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රොෂාන් ට හිමි විය.
විශිෂ්ටතම තිර රචනයට (Best Screenplay) හිමි සම්මානය ‘රිවස්ටන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය සිදු කළ ලලිත් රත්නායක විසින් දිනා ගනු ලැබුවා.
https://mirrorarts.lk/news/11217-2025-06-21-16-30-16#sigProId6d454f0aea
(ඡායාරූප උපුටා ගැනීම 'Nimanthi Porage' facebook පිටුව ඇසුරිනි)



