ගම්පෙරළිය (1987), රුපියල් සත (1991), දඩබිම (1993), කඩවර (1995), අමරපුරය (2008) වැනි ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ බර්ට්‍රම් නිහාල්ගේ අලුත්ම චිත්‍රපයටය වන ‘දරී’ (The Cave) චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවනවා.
ඒ සීගිරිය හා අනුරාධපුරය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙනයි.
සෞම්‍ය ලියන්ගේ, වීණා ජයකොඩි වැනි ප්‍රවීණ රංගන ශිලිපීන් ද මේ දවස්වල මෙහි රූගත කිරීම් වලට සහභාගී වෙලා ඉන්නවා.
ඉතින්, බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු සිනමා නිර්මාණයක් තමයි බර්ට්‍රම් නිහාල්ගේ ‘දරී’ චිත්‍රපටය.
ඉදිරියේදී මේ චිත්‍රපටය තුලිනුත් ඔහුගේ නිර්මාණ වලට අනන්‍ය වූ කුතුහලය, ත්‍රාසය මුසු වූ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට ලැබෙනවා නොඅනුමානයි.

“රහස් රැකිය හැක්කේ මළවුන්ට පමණි” කියලා සඳහන් වෙන මේ නිර්මාණය ගැන ඉදිරියේදී තවත් විස්තර ඔබට ගෙන එන්නම්.
පහතින් දක්වලා තියෙන්නේ 'දරී'(The Cave) චිත්‍රපටයේ මේ දිනවල රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක්.
https://mirrorarts.lk/news/11223-the-cave#sigProId37c54b2203
ඡායාරූප උපුටා ගැනීම 'Bertram Nihal facebook' පිටුව ඇසුරිනි




