-Udithe Kahandawaarachchi-
ආසියානු ශාන්තිකර කලාපයේ ප්‍රබලතම සිනමා සම්මාන උළෙල (FESTIVAL OF FILM AWARDS) වන ඒෂීයා පැසිෆික් ස්ක්‍ර්‍රීන් අවෝර්ඩ්ස් (ASIA PACIFIC SCREEN AWARDS) හෙවත් ඇප්සා උළෙලෙහි 18 වෙනි අදියරයට අදාළ සම්මාන ප්‍රදානෝත්සත්වය එළෙඹෙන නොවැම්බර් මස 27 වෙනි දින ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් නගරයේ පැවැත්වීමට නියමිත අතර, එයට අදාළ නිර්දේශ නාමයන් පසුගියදා එළිදැක්වීය.
ඇප්සා සම්මාන උළෙලේ අන්තර්ගත නිළ ජූරින් ද්විත්වයේ අධීක්ෂණයට නතුවන සම්මාන 08 ක් උදෙසා නිර්දේශනාම (NOMINATIONS) එළිදැක්වූ අතර, එයින් උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් තීරණ ලබා දෙන සම්මාන 05 (හොඳම වෘත්තාන්ත චිත්‍රපටය/ හොඳම අධ්‍යක්ෂණය/ හොඳම තිරරචනය/ හොඳම රංගනය/ හොඳම කැමරාකරණය) උදෙසා රටවල් 16 කට අයත් චිත්‍රපට 18 ක් නිර්දේශනාම හිමිකර ගැනීමට සමත්ව තිබුණි. එහිදී ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" චිත්‍රපටයේ කැමරා ශිල්පී ප්‍රභාත් රෝෂන් "හොඳම කැමරාකරණය" (BEST CINEMATOGRAPHY) වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ නිර්දේශනාම 05 අතරට එක්වීමට සමත් විය.
පසුගිය ජූනි මාසයේදී ෆිඇප්ෆ් අනුමත ලොව ඒ ශ්‍රේණියේ චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේදී "ඒෂියන් නිව් ටැලන්ට්" අංශය යටතේ "හොඳම කැමරාකරණය" උදෙසා සම්මාන ලද ප්‍රභාත් රෝෂන්, යළිත් වතාවක් ලොව පිළිගත් සිනමා උළෙලක නිර්දේශ අතරට එක්වීමට සමත්ව තිබීම කැපීපෙනේ.
ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේදී (SIFF) "ඒෂියන් නිව් ටැලන්ට්" අංශය යටතේ "හොඳම කැමරාකරණය" උදෙසා සම්මාන ලද ප්‍රභාත් රෝෂන්
2007 වසරේ ආරම්භ වූ ඇප්සා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු "හොඳම කැමරාකරණය" උදෙසා නිර්දේශ වූ දෙවෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර පෙර ප්‍රසන්න ජයකොඩිගේ "සංකාරා" චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් පාලිත පෙරේරා ඉහත සම්මානයට 2007 වසරේදී නිර්දේශ විය. එසේම "රිවර්ස්ටන්" මෙම වසරේදී ලද පෙරකී නිර්දේශයත් ඇතුළුව, ඇප්සා උළෙල ඉතිහාසයේ ප්‍රධානතම ජූරිය වන "වෘත්තාන්ත සිනමාපට ජූරිය" විසින් පිරිනමන සම්මාන උදෙසා 08 වතාවක් නිර්දේශනාම ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. එයට අමතරව එක් අවස්ථාවකදී "ඇනිමේෂන්-වාර්තා-ළමා" චිත්‍රපට ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්‍රී ලංකාව නිර්දේශ වී ඇත.
මීට පෙර ප්‍රධාන ජූරියේ සම්මාන උදෙසා ශ්‍රී ලංකාව ලද නිර්දේශ (2007-2024)....
*2007 දී- පාලිත පෙරේරා - "හොඳම කැමරාකරණය" උදෙසා නිර්දේශය (සංකාරා)
*2009 දී- මාලනී ෆොන්සේකා - "හොඳම නිළිය" උදෙසා නිර්දේශය (ආකාස කුසුම්)
*2009 දී- විමුක්ති ජයසුන්දර- "හොඳම අධ්‍යක්ෂණය" උදෙසා නිර්දේශය (අහසින් වැටෙයි)
*2013 දී- "හොඳම වෘත්තාන්ත සිනමාපටය" උදෙසා නිර්දේශය - ප්‍රසන්න විතානගේගේ "ඔබ නැතුව ඔබ එක්ක"
*2014 දී- ප්‍රසන්න ජයකොඩි- "හොඳම තිර රචනය" උදෙසා නිර්දේශය (28)
*2014 දී- මහේන්ද්‍ර පෙරේරා- "හොඳම නළුවා" උදෙසා නිර්දේශය (28)
*2015 දී- විමුක්ති ජයසුන්දර- "හොඳම තිර රචනය" උදෙසා නිර්දේශය (සුළඟ ගිනි අරන්)
&##& මීට පෙර ළමා-යොවුන්- ඇනිමේෂන්- වාර්තා චිත්‍රපට ජූරියේ සම්මාන උදෙසා ශ්‍රී ලංකාව ලද නිර්දේශ (2007-2024)....
*2008- "හොඳම ළමා වෘත්තාන්ත සිනමාපටය" උදෙසා නිර්දේශය - සෝමරත්න දිසානායකගේ "සිරි රජ සිරි"
ඉහත කී ලෙස 2007-2024 කාල වකවානුව තුළ ශ්‍රී ලංකාව උළෙලේ ක්‍රියාත්මක නිළ ජූරීන් ද්විත්වයට යටත්ව 08 වතාවකදී නිර්දේශනාම ලැබීමට සමත්ව තිබුණද, ඒ එකඳු අවස්ථාවකදී හෝ ශ්‍රී ලංකාවට සම්මානයක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව හිමි නොවීම කැපී පෙනේ. එහෙත් උළෙලේ අන්තර්ගත "වෘත්තාන්ත චිත්‍රපට තේරීම් කමිටුව" හෙවත් "අන්තර්ජාතික නිර්දේශ කවුන්සලයේ" (INTERNATIONAL NOMINATIONS COUNCIL) තේරීම මත පිරිනමන "සංස්කෘතික විවිධත්ව සම්මානය" (CULTURAL DIVERSITY AWARD) දෝත දැරීමේ අවස්ථාව 2021 වසරේදී ප්‍රසන්න විතානගේගේ "ගාඩී" චිත්‍රපටයට හිමිවිය. එකී සම්මානය ඇප්සා උළෙලේදී ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති එකම සම්මානය වේ.
ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ සහ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" චිත්‍රපටය ඇප්සා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණ යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි
සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි @Udithe Lakmal Kahandawaarachchi
Nomination Link: https://www.asiapacificscreenawards.com/.../18th-asia...
Festival Link: https://www.asiapacificscreenawards.com/
මෙම සටහන 'Sri Lankans at International Film Festivals' නිල ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.



