ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මෙනෙවිය අද(27) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ලාංකීය සාහිත්‍යය කලාවට ඉමහත් සේවවාවක් කල ඇය විසින් ලාංකීය නවකතා ක්ෂේත්‍රය, ළමා සහිත්‍ය, ගුවන් විදුලි නාට්‍ය වැනි ක්ෂේත්‍ර රැසකටම සිය දායකත්වය ලබා දී තිබෙනවා.
මදාරා, රන්ගිර,කඳුළු බද්ද, අප්පච්චී, කැන්ගරුවෝ, බලවත්තු සහ බවලත්තු, ළා දලු බෝපත්, සිදුහත් යශෝදරා , වඩමාරච්චි, පෝය 12.. වැනි ප්‍රකට නවකතා රාශියක්ම ඇය විසින් රචනා කළ අතර "මදාරා සහ රන්ගිර ටෙලි නිර්මාණ සඳහා ද යොදා ගැනිණි.
ලංකීය ළමා සාහිත්‍ය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් ඇය විසින් රචිත ළමා සාහිත්‍ය කෘතීන් ගණන සියයකට අධිකයි.
"නවෝදාට මුතු ඇටයක් " ගුවන් විදුලි නාට්‍ය රචනා කරමින් නාට්‍ය පිටපත් රචනයට පිවිසි සෝමා ජයකොඩි "යුදබිමෙන් උපන් වීරයෙක් ඇතුළු ගුවන් විදුලි නට්‍ය පිටපත් 85 ක් ලියා තිබෙනවා.
ඩෙන්සිල් කොබ්බෑකඩුව ,රත්නසිරි වික්‍රමනායක,පබිලිස් සිල්වා යන මහත්වරුන්ගේ චරිතාපදාන ඇය අතින්රචනා වී ඇති අතර, නන්දා ගොඩගේ චරිතාපදානයේ සංස්කරණය ද සෝමා ජයකොඩි විසින් සිදු කොට තිබෙනවා.
2019 වසරේදී ඇය සතුව තිබූ නිවෙස සහ පොත්පත් සියල්ල පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩලය වෙත පිරිනැමීම ට ඇය කටයුතු කළේ ලේඛිකාවක ලෙස සිය දිවි සැරිය තුළ ශ්‍රේෂ්ඨ කර්තව්‍යක් සනිටුහන් කරමින්.




