lan englan tam

පුවත්

මැයි මාර ප්‍රසංගය නවකථාවේ ව්‍යාජ පිටපත් මුද්‍රණය හා අලෙවිය අධිකරණය විසින් අත්හිටුවයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2026 නොවැම්බර් 26 වැනි දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය මඟින් සම්මානනීය ලේබක හා ප්‍රකාශක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය කෘතියෙහි ව්‍යාජ පිටපත් මුද්‍රණය කළ හා එම පිටපත් අලෙවිය සිදුකළ විකුණුම්කරුවන් කිහිපදෙනෙකුට එරෙහිව තාවකාලික තහනම් නියෝග කිහිපයක් නිකුත් කොට ඇත.

මෙහිදී පැමිණිළිකරු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් මෙම කෘතියේ කතෲ හා ප්‍රකාශක වශයෙන් ඔහුගේ වාණිජමය අයිතීන් ආරක්ශා කිරීම සඳහා මෙම තහනම් නියෝගය ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් පැමිණිලි පාර්ශවය විසින් මෙම පැමිණිල්ල මඟින් කර්තෘ ගේ වාණිජමය අයිතින් ආරක්ශා කිරීම සඳහා බුද්ධිමය දේපළ පනත යටතේ නඩු පවරන ලද බවත්, විත්තිකරුවන් විසින් මෙම ග්‍රන්ථයේ ව්‍යාජ පිටපත් මුද්‍රණය කර මහ ජනතාව වෙත අලෙවි කර ඇති බවත් උසාවියට කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම මෙම අලෙවිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම ඇතුළු සහන කීපයක් ලබාදෙන ලෙසද උසාවියෙන් ඉල්ලා සිටිමින් මෙම නඩුව ගොනු කර තිබේ.

ඉහත කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් දෙසැම්බර් 10 දින දක්වා බලපැවැත්වෙන පරිදි විත්තිකරුවන්ට එරෙහිව මෙම වාරණ නියෝග නිකුත් කරන ලදී.

මෙහිදී පැමිණිළි පාර්ශවය වෙනුවෙන් බුද්ධික ඉලංගතිලක, විනුර කුලරත්න, චතුරි ජයසූරිය හා සංජය ෆොන්සේකා යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටී...

kemadasa

Back to top
Go to bottom