lan englan tam

පුවත්

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවකින් කෘති සිය ගණනකට හානි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරයේ ඇති වූ ජල කාන්දුවක් නිසා කෘති විශාල ගණනකට හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.

කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් (Francis Steinbock) විදෙස් මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන වශයෙන් පොත්පත් ඇතුළු කෘති 300 - 400 ත් අතර ප්‍රමාණයකට මෙම කාන්දුව බලපා ඇති අතර, ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතින බවයි.

මෙම හානිය සිදුව ඇත්තේ කෞතුකාගාරයේ ඊජිප්තු දෙපාර්තමේන්තුවේ බවද, බලපෑමට ලක් වූ පොත් ඊජිප්තුවේදීන් විසින් පරිශීලනය කරනු ලබන ඒවා වන බවත්,

නමුත් "වටිනා පොත්පත්වලට හානි සිදුවී නොමැති" බවත් නියෝජ්‍ය පරිපාලක වරයා සදහන් කොට තිබෙනවා.

නොවැම්බර් මස අගදී සොයාගත් මෙම කාන්දුවට හේතු වූ ගැටලුව වසර ගණනාවක් තිස්සේ දැන සිටි බවද,  අලුත්වැඩියාවන් ලබන වසරේදී සිදු කිරීමට නියමිත බවත් ස්ටයින්බොක් වැඩිදුරටත් සදහන් කොට තිබෙනවා.

 

ලොව වඩාත්ම පිරිසක්  සංචාරය කරන කෞතුකාගාරය වන ‘ලූවර්’ පසුගිය මාස තුන තුළ මුහුණ දුන් තුන්වන ප්‍රධාන ගැටලුව මෙය වන අතර,

මීට සති කිහිපයකට ඉහතදී සොරුන් විසින් කෞතුකාගාරයේ වටිනා ප්‍රංශ කිරීටක ආභරණ සොරකම් කිරීමේ සිදුවීමක් ද වාර්තා වූවා.

kemadasa

Back to top
Go to bottom