lan englan tam

පුවත්

මිනීමරුවන් නොවූ මාළුකාරයන්ගේ කතාව “මාරියා” දැන් රිදී තිරයේ! (ප්‍රදර්ශනය වන සිනමා ශාලා මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ “මාරියා” (The Ocean Angel) චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වෙනවා.

 

490776813 1152204530253867 6733891623219883300 n

 

සම්පූර්ණයෙන්ම මහ මුහුදේ රූපගත කර ඇති නළුවන් පමණක් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටය,

හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්(අභාවප්‍රාප්ත), ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ හා සුරන් දසනායක යන රංගන ශිල්පීන්ගේ රංගනයෙන් ඔපවත් වී තිබෙනවා.

Thriller ශානරයේ චිත්‍රපටයක් වන මෙය, ගැඹුරු මුහුදේ මසුන් සොයා යන බෝට්ටුවක සිටින ධීවරයින් පිරිසක් සහ, මුහුද මැදදී ඔවුන්ට අහම්බයෙන් දක්නට ලැබෙන යම් භෞතික වස්තුවක් නිසා එම ධීවරයින් මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා. 

ධීවරයින් හය දෙනෙකුගේ ජීවිතය, ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම් සහ මුහුදේ සැඟවුණු භීෂණය සමග ගෙතූ චිත්‍රපටය. ජීවිතය සහ මරණය අතර සටන, ඔවුන් මුහුදුබත්වන රහස... ඔබට කියනු ඇති.

 

"මාරියා" චිත්‍රපටයේ නිල තේමා ගීතය පහළින් නරඹන්න >>>

 

චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය ද අරුණ ජයවර්ධන විසිනි.

“මාරියා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසින්. 

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහළින් නරඹන්න >>

 

 

ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබූ “මාරියා” චිත්‍රපටය නරඹන්නට දැන් ඔබත් ළඟම සිනමා ශාලාවේදී  එක්වන්න.

පහතින් දැක්වෙන්නේ දැන් “මාරියා” චිත්‍රපටය තිරගත වන සිනමා ශලා පිළිබඳ විස්තරයි.

ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැක.

 

kemadasa

Back to top
Go to bottom