lan englan tam

පුවත්

43 වැනි ෆෑජ් අන්තර්ජාතික සිනමා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදත් මහදිවුල්වැව එක් වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, ඉරානයේ ෂිරාස් නගරයේ පැවති  43 වෙනි ෆෑජ් අන්තර්ජාතික සිනමා උළෙලට (43rd Fajr International Film Festival - FIFF) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රාන්තික නියෝජනය සනිටුහන් කරමින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සහභාගී විය.

ඉරානයේ පවත්වනු ලබන වඩාත් වැදගත් හා ගෞරවනීයතම සිනමා උළෙලක් වන මෙම FIFF සිනමා උළෙල ජාත්‍යන්තර සිනමාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගනු ලබනවා.

මෙවර FIFF උළෙල සඳහා ලොව රටවල් 38 ක සිනමාව සම්බන්ධ ආයතන ප්‍රධානීන් සහභාගී වී සිටි අතර, එය උළෙලේ ගෝලීය වැදගත්කම වඩාත් තහවුරු කරන්නක් විය.

සිනමා උළෙලේ ප්‍රධාන තේමාව වූයේ, විවිධ රටවල පවතින ප්‍රාදේශීය ගැටලු (Regional Issues) සඳහා ගෝලීය විසඳුම් සිනමා නිර්මාණ හරහා ගවේෂණය කිරීමයි.

​මීට අමතරව, සමුළුවේදී සිනමාව, සංස්කෘතික සහයෝගීතාවයේ පාලමක් (Bridge of Cooperation) ලෙස භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා විය.

 

FIFF උළෙල සඳහා ශ්‍රී ලංකේය නියෝජනය තුළින්, ද්විපාර්ශ්වික සිනමා සබඳතා ශක්තිමත් කිරීමට අමතරව, කුඩා කණ්ඩායම් රැස්වීම්වලදී පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු විය.

​එනම්,

ජාතික චිත්‍රපට සංස්ථා සිනමා පාසලට අනාගතයේදී ලබා දිය හැකි තාක්ෂණික හා අධ්‍යාපනික සහයෝගය.

​ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂිත ජාත්‍යන්තර සිනමා උළෙලට ඉරාන පාර්ශ්වයෙන් ලබා දිය හැකි දායකත්වය.

​ඒකාබද්ධ නිෂ්පාදන (Co-productions): දෙරට අතර ඒකාබද්ධ සිනමා නිෂ්පාදන සඳහා අවස්ථා ගවේෂණය කිරීම. යන කරුණු මීට ඇතුළත් විය.

මෙවර 43 වැනි FIFF උළෙල පැවැත්වුණු ‘ෂිරාස්’ (Shiraz) නගරය ඉරානයේ ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් අතිශයින් වැදගත් නගරයක් වන අතර, සිනමා උළෙල ෂිරාස් නගරයේ පැවති පළමු අවස්ථාව ලෙස ද මෙය සනිටුහන් විය.

මෙම සංස්කෘතික හමුවීම ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට නව ජාත්‍යන්තර අවස්ථා විවර කරමින්, ඉරානය සමඟ පවතින සිනමා සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට අතිශය වැදගත් වනු ඇත.

මූලාශ්‍රය - Nfc - Film Culture

 

 

 

kemadasa

Back to top
Go to bottom