2009 වර්ෂයේ තිරගත වූ රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ “3 Idiots” බොලිවුඩ් චිත්‍රපටය ඔබට මතක ඇති.
ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතනයක සිදුවන සිදුවීම් මාලාවක් හා එහි සිසුන් පිරිසකගේ ජීවිත කතා හා බැඳුනු හාස්‍ය, නාට්‍ය ශානරයේ සිනමා නිර්මාණයක් වූ “3 Idiots” ප්‍රථම චිත්‍රපටය සදහා සුප්‍රකට ඉන්දීය නළු අමීර් ඛාන්, ජනප්‍රිය බොලිවුඩ් නිළි කරීනා කපූර් ඇතුළුව Madhavan සහ Sharman Joshi .. වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක උනා.
ඉතින්, ලොව පුරාම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් මෙම “3 Idiots” චිත්‍රපටය තිරගත වී වසර 16 කට පසු එහි දෙවන කොටසක් (sequel) නිර්මාණය කිරිමට චිත්‍රපටයේ අධ්‍යක්ෂක රාජ්කුමාර් හිරානි ඇතුළු පිරිස සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය තුළින් වාර්තා වෙනවා.

වාර්තා වන ආකාරයට “3 Idiots” චිත්‍රපටයේ දෙවන කොටසේ පිටපත මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කොට ඇති අතර,
“3 Idiots” පළමු චිත්‍රපටයට රංගනයෙන් එක් වූ Aamir Khan, Kareena Kapoor Khan, R Madhavan and Sharman Josh.. මෙම චිත්‍රපටයේ දෙවන කොටස සදහා ද රංගනයෙන් එක්වන්නට නියමිත බව පැවසෙනවා.
එමෙන්ම ලබන වසරේ මැද භාගයේදී චිත්‍රපටයේ දෙවන කොටසේ රූගත කිරීම් ආරම්භ කිරීමට ද සුදානම් බවයි පැවසෙන්නේ.
ඉතින්, අපූර්ව සිනමා මතකයන් රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ “3 Idiots” චිත්‍රපටයේ මීළඟ දිගහැරුම කුමන ආකාරයකට සිදුවේවිද යන්න අපට ඉදිරියේදී දැක ගන්නට හැකි වේවි.



