lan englan tam

පුවත්

ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය “සයනයිඩ්” දෙසැම්බර් 26 වනදා සිට දිවයින පුරා සිනමා ශලාවලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය තේමා කරගනිමින් නිර්මාණය වූ “සයනයිඩ්” නවතම චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 26 වනදා සිට දිවයින පුරා සිනමා ශලාවලදී තිරගත වීම් ආරම්භ වෙනවා.

මෙරට යුධ සමයේදී ඊ.පී.ආර්.එල්.එෆ් නායක වරධරාජා පෙරුමාල් ඉලක්කකරගනිමින් සිදුකරන ලද එල්.ටී.ටී.ඊ. ඝාතන උත්සාහයක සත්‍ය කතාවක් ඇසුරිනුයි මෙම  සිනමා පටය නිර්මාණය වී තිබෙන්නේ.

“සයනයිඩ්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මීට පෙර “අඟර දඟර”, “රේන්බෝ” වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ නලින් රාජපක්ෂ විසින්.

මෙහි කතාව හා තිර රචනයද නලින් රාජපක්ෂ විසින් සිදු කොට තිබෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

 

 

ඉන්දියාවේදී රූගත කළ “සයනයිඩ්” චිත්‍රපටය නිර්මාණය වන්නේ ලාංකීය මෙන්ම ඉන්දීය නළි නිළියන් හා නිෂ්පාදන ශිල්පීන් රැසකගේ දායකත්යෙන්.

චිත්‍රපටයට රංගනයෙන් - රනීෂ් හේවගේ, රාජා ගනේෂන්, ජගත් ගලප්පත්ති, ගීතා කාන්ති ජයකොඩි, නිෂුලි නෙලිත්මා, ක්‍රිස්ටිනා බිටෝ, සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්‍රනාන්දු, අසංක දේවමිත්‍ර, රාජා බාලසූරිය, දුමිඳු කන්නන්ගර... ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්වෙනවා.

බිහිසුණු කුරිරු යුද්ධයක සැගවුණු කතාවක් සමඟ නිර්මාණය වූ අභියෝගාත්මක සිනමා නිර්මාණය  “සයනයිඩ්” දෙසැම්බර් 26 වනදා සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශාලාවේදී නැරඹිය හැකියි.

 

තොරතුරු - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, 'Cynanide Movie' නිල ෆේස්බුක් පිටුව

 

kemadasa

Back to top
Go to bottom