lan englan tam

පුවත්

උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටය “මේඝ වර්ෂා” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ජනප්‍රිය හා සම්මානනීය සිනමා නිර්මාණකරු උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය 'මේඝ වර්ෂා' ළඟදීම දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිතයි.

 

598571792 17852675313596559 4744679796865378482 n

 

ගීත රැසක් අඩංගු අතිශයින්ම ආදරණීය හා විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වන්නේ මේ දින වල ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන් දෙපළක් වන දමිත් විජයතුංග හා චතුර රාජපක්ෂ සමගින් සිනමාවට හඳුන්වා දෙනු ලබන අංජලී වත්සලා ජයසිංහයි.

ඒ සමගින් සනත් ගුණතිලක , දුලීකා මාරපන , හේමසිරි ලියනගේ , ඩිලානි අබේවර්ධන, සංගීත් ප්‍රභූ , සංජය මුරමුදලි , චන්දිමා කරුණාදාස , රොහාන් විජේතුංග , මල්කාන්ති ජයසිංහ , ඕදාත හංසක , කිෂූ ගෝමස් , විශ්ව ලංකා.. ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිලිපීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

“මේඝ වර්ෂා” චිත්‍රපටය සනිටුහන් වන්නේ වර්ණසූරියගේ සිනමා දිවියේ 29 වන සිනමා නිර්මාණය ලෙසයි.

චිත්‍රපටයේ ” චිත්‍ර තිර රචනය උදයකාන්ත වර්ණසූරිය විසින් සිදු කළ අතර, මෙහි සංගීත අධ්‍යක්ෂණය  ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ විසිනි.

ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගම චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.

 

ඉතින්, 2026 වසර ආරම්භයේ වසරේ ආදරණීයම චිත්‍රපටයක් වන 'මේඝ වර්ෂා'  නැරඹීමට ඔබත් සූදානම් වන්න.

තොරතුරු - Anton J. Fernando

 

 

kemadasa

Back to top
Go to bottom