lan englan tam

පුවත්

Roven Atkinson ගේ අලුත්ම ප්‍රහසන කතා මාලාව “Man vs Baby” දැන් Netflix තුළින්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රහසන රංග කලාවේ දැවැන්තයෙකු වන බ්‍රිතාන්‍ය රංගන ශිල්පී Roven Atkinson රංගනයෙන් එක්වන නවතම ප්‍රහසන (comedy) නිර්මාණය වන “Man vs Baby”කතා මාලාව දැන් Netflix streaming වේදිකාව හරහා නිකුත් කොට තිබෙනවා.

 

MV5BMzdjYWJiYTMtZDg3NC00ZTgxLTkyYzQtZTM0ZjdlMTgxZDg3XkEyXkFqcGc. V1 FMjpg UX1000 1

 

කොටස් 4 කින් යුත් කෙටි කතා මාලාවක් ලෙස නිකුත්ව ඇති මෙහි  කථාංගයන් 4 ම දැන් Netflix හරහා නැරඹිය හැකියි.

මීට පෙර 2022 වසරේ විකාශය වූ “Man vs Bee” රූපවාහිනී කතා මාලාවේම අනුප්‍රාප්තිකයක් ලෙසයි මෙහි කතාව නිර්මාණය වී තිබෙන්නේ.

චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මේ ආකාරයටයි,

 

“Man, vs Bee” අවුල් ජාලයෙන් පසු මෙහි ප්‍රධාන චරිතය වන ‘Trevor Bingley’ (Roven Atkinson නිරූපණය කරන) පාසල් භාරකරුවෙකු ලෙස නිහඩ රැකියාවක් ගත කරනවා.

මෙහිදී නත්තල් දිනයේ පාසලේ පැවැත්වෙන නත්තල් උත්සවයකදී නිර්මාණය කර ඇති ජේසු උපන් ස්ථානයේදී ඔහුට අනපේක්ෂිත අමුත්තෙක් මුණ ගැසෙනවා. නත්තල් උත්සවය ඉවරවෙලා හැමෝම පිටවෙලා ගියත් මේ අමුත්තාව කාටවත් මතක් වෙන්නේ නෑ. මේ අමුත්තා වෙන කවුරුවත් නෙමේ කුඩා බිළිදෙක්.

මෙතැන් සිට මේ කුඩා බිළිඳා සමග ‘Trevor Bingley’ ගත කරන කාලසීමාව හා එහිදී අත් විදින්නට සිදුවන විනෝදජනක සිදුවීම් සමුදායක් වටා  කතාව ගලා යනවා.

ඉතින් “Mr.Bean”, “Johnny English”.. වැනි චිත්‍රපට හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් මේ අපූර්ව රංගන ශිල්පියා (Roven Atkinson) ගේ රංගනය නැවත දැකගන්නට ලැබීම ඔහුට ආදරය කරන සැමටම ඉතාමත් ආස්වාදජනක අත්දැකීමක් වනු නොඅනුමානයි.

පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

kemadasa

Back to top
Go to bottom