පසුගියදා, රට තුළ පැවති අයහපත් කාළගුණ තත්වය නිසා තවකාලිකව චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිටවූ සිනමා ශලා සහ චිත්‍රපට බොහොමයක් මේ වන විට නැවත යථා තත්වයට පත් වෙමින් පවතින අතර චිත්‍රපට ප්‍රදර්ශනය යළි ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ අග භාගයේදී ප්‍රදර්ශනය ආරම්භ වූ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “මාරියා” චිත්‍රපටය, චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ “Mr. මිසිස්” චිත්‍රපටය මෙන්ම තිනේෂ් කනකරාජ් අධ්‍යක්ෂණය කළ “අදිරන්” චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා වලදී දැන් නැවතත් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදා වී තිබෙනවා.

එමෙන්ම ඒ වන විට දින 50 පසු කිරීමට ආසන්නව සිටි තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ “මෝඩ තරිඳු” චිත්‍රපටයද, චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආයු” චිත්‍රපටයද සිනමා රසිකයන් වෙනුවෙන් දැන් නැවතත් සුපුරුදු ලෙස ප්‍රදර්ශනය වෙනවා.

එසේම තවත් චිත්‍රපට රැසක්ම ඉදිරියේදී තිර ගත වීමට සූදනමින් පවතින අතර නලින් රාජපක්ෂ ආධ්‍යක්ෂණය කළ “සයනයිඩ්” චිත්‍රපටය දෙසැම්බර් 26 වනදා සිට තිර ගත වීමට නියමිත අතර, චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ “FATHER” චිත්‍රපටය එළඹෙන ජනවාරි මාසයේදී තිර ගත වීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ වන විටත් විවෘත නොවූ සිනමා ශලා කිහිපයක්ම උතුරු නැගෙනහිර, ඌව ඇතුළු පළාත් කිහිපයකම ඇති බව ද වාර්තා වෙනවා.
තොරතුරු - Anton.J.Fernando
වැඩිදුර තොරතුරු සඳහා කියවන්න : - මිනීමරුවන් නොවූ මාළුකාරයන්ගේ කතාව “මාරියා” දැන් රිදී තිරයේ! (ප්‍රදර්ශනය වන සිනමා ශාලා මෙන්න)
“අදිරන්” දෙමළ හා සිංහල භාෂා දෙකෙන්ම දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී!
ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය “සයනයිඩ්” දෙසැම්බර් 26 වනදා සිට දිවයින පුරා සිනමා ශලාවලදී!
“Father - ෆාදර්” ජනවාරි සිට දිවයින පුරා සිනමා ශාලා වලදී!



