lan englan tam

පුවත්

“Zootopia 2” චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො. බිලියනය පසු කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය නොවැම්බර් මස අවසන් සතියේ සිට ලොව පුරා තිරගත කිරීම් ආරම්භ වූ “Zootopia 2” ඇමරිකානු ඇනිමේෂන් චිත්‍රපටය,

මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලැබු බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා යාමට සමත්ව තිබෙනවා.

ඒ චිත්‍රපටය තිරගත විම් ආරම්භ වී දින 17 ක් පමණක් ගත වී තිබියදී වන අතර, ඒ අනුව අඩුම කාලයකින් ඩොලර් බිලියනයේ සීමාව පසු කළ ඇනිමේෂන් (PG) චිත්‍රපටය ලෙස ද මෙය වාර්තා අතරට එක්වනවා.

 

Zootopia 2 7168b6

 

එමෙන්ම “Zootopia 2” චිත්‍රපටය මෙම වසරේ (2025) ඩොලර් බිලියනයේ සීමාව පසු කළ 3 වන චිත්‍රපටය ලෙසද, දෙවන හොලිවුඩ් චිත්‍රපටය ලෙසද සනිටුහන් වන අතර,

2025 වසරේ ඩොලර් බිලියනය පසු කළ අනෙක් චිත්‍රපට දෙක වන්නේ  “Ne Zha 2 (චීන ඇනිමේෂන් චිත්‍රපටය)  හා Lilo & Stitch යන චිත්‍රපටයයි.

2016 වර්ෂයේ තිරගත වූ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් “Zootopia” චිත්‍රපටයේ 2 වන දිග හැරුම වන “Zootopia 2”  නිෂ්පාදන‍ය කළේ Walt Disney සමාගමයි.

චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 150 කි.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>

 

 

 

kemadasa

Back to top
Go to bottom