lan englan tam

පුවත්

“Zootopia 2” 2025 වසරේ වැඩිම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය ලෙස වාර්තා අතරට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩිස්නි (Disney) සමාගම නිෂ්පාදනය කළ අපූර්ව සත්ව චරිත වලින් පිරුණු “Zootopia 2” ඇනිමේෂන් චිත්‍රපටය මෙම වසරේ වැඩිම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒ චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වී දින 20 පමණක් ගත වන විට ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 1.13  ඉක්මවා ගිය දැවැන්ත ආදායමක් ලැබීමට සමත් වෙමින්.

 

30biz box zootopia1 pmgz googleFourByThree“Zootopia 2” චිත්‍රපටයේ රූප රාමුවක්

 

ඒ අනුව මෙම වසරේම තිරගත වූ ඩොලර් බිලියන 1.13 ක ආදායමක් ඉපැයූ  ඩිස්නි සමාගමේම “Lilo & Stitch” සජීවී ක්‍රියාදාම චිත්‍රපටය අභිබවා යාමට මේ සමග “Zootopia 2” චිත්‍රපටය සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, ඇමරිකානු චිත්‍රපට සංගමයට (MPA) අයත් නොවන චිත්‍රපටයක් වන චීනයේ “Ne Zha 2” සජීවිකරණ චිත්‍රපටය ඩොලර් බිලියන 1.9ක ආදායමක්  උපයමින් 2025 වසරේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස තවදුරටත් පෙරමුණේ පසුවෙනවා.

Ne Zha blog header image2025 වසරේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය වූයේ ඩොලර් බිලියන 1.9ක ආදායමක් ලැබූ “Ne Zha 2”චීන සජීවීකරණ චිත්‍රපටයයි.

 

එමෙන්ම, ඩිස්නි සමාගමේ තවත් දැවැන්ත නිර්මාණයක් වන ජේම්ස් කැමරන්ගේ “Avatar: Fire and Ash” චිත්‍රපටය ද එළඹෙන දෙසැම්බර් 19 වනදා සිට ලොව පුරා තිරගත කිරීම් ආරම්භ කරන අතර, “Avatar: Fire and Ash”  2025 වසරේ කිරුළ හිමිකර ගැනීමට වඩාත් වැඩි ඉඩක් පවතින්නේ මෙහි කලින් චිත්‍රපට දෙකද ආදයම් වාර්තා අතින් ඩොලර් බිලියන 02 ඉක්මවා යාමට සමත් වූ චිත්‍රපට වූ බැවිනි.

නමුත් එහි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් බොහෝ විට මීළඟ වසරේදී (2026) වාර්තා වනු ඇති.

compose

 

 

kemadasa

Back to top
Go to bottom