lan englan tam

පුවත්

මෙසී 'GOAT Tour' අතරතුර අනන්ත් අම්බානිගේ ගේ වනජීවී සුරැකුම් මධ්‍යස්ථානය (Vantara) බලන්න යයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රකට ගෝලීය පාපන්දු තරුවක් වන ලියොනල් මෙසී ඔහුගේ 'GOAT Tour 2025' ඉන්දීය සංචාරය අතරතුර,

ගුජරාටයේ ජාම්නගර් හි පිහිටි අනන්ත් අම්බානි විසින් ආරම්භ කරන ලද වනජීවීන් මුදාගැනීමේ, පුනරුත්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් වන 'වන්තරා' (Vantara) හි විශේෂ සංචාරයක නිරත වී තිබෙනවා.

 

rqr9ql5c messi vantara visit 3 625x300 17 December 25 1

 

පැරණි ඉන්දීය සම්ප්‍රදායන් සහ සත්ව සුභසාධනය සඳහා වූ නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් මුසු කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම'වන්තරා' (Vantara)  මධ්‍යස්ථානයේ කටයුතු දැක බලා ගැනීමට මෙසී මෙහිදී එක්වී තිබුණා.

'වන්තරා' මධ්‍යස්ථානයේ සියලුම කටයුතු සාම්ප්‍රදායිකව ආරම්භ වන්නේ සනාතන ධර්මයට අනුකූලව ආශිර්වාද ලබා ගැනීමෙන් වන අතර, මෙහිදී ස්වභාවධර්මයට ගරු කිරීම සහ සියලුම ජීවීන් කෙරෙහි කරුණාව දැක්වීම අවධාරණය කෙරෙනවා.

 

reeqgjtk messi in vantara 625x300 17 December 25

 

මෙසී මෙම අවස්ථාවේදී හින්දු වත්පිළිවෙත්වලට සහභාගී වෙමින්, වන ජීවීන් සමීපව නිරීක්ෂණය කරමින් සහ සත්ව රැකබලා ගන්නන් සහ සංරක්ෂණ කණ්ඩායම් සමඟ සුහද සාකච්ඡාවලට ද එක්ව තිබුණා.

 

fe1gg94s messi vantara visit 2 625x300 17 December 25 1

kceuuqac messi visit 5 625x300 17 December 25

jb81tvdk messi vantara visit 4 625x300 17 December 25

 

 

kemadasa

Back to top
Go to bottom