lan englan tam

පුවත්

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි ගමනට සමුදෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් නිසා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සදහන් කළා.

මිය යන විට ඔහු  84 වන වියේ පසු විය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහගේ වැඩිමහළු සහෝදරයා ද වෙයි.

 

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් 1941 පෙබරවාරි 10 වනදා කැලණියේ දී උපත ලැබීය.

සිය දශක හයකට අධික කලා දිවියේ ප්‍රශස්ත රංගවේදියෙකු ලෙස මෙන්ම වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ගත් කරුවරයෙකු, තිරපිටපත් රචකයෙකු.. ආදී කලා ක්ෂේත්‍රයේ අංශ රාශියකින් සතිස්චන්ද්‍රයන් නිර්මාණකරණයේ නිරත විය.

1966 වසරේදී 'සම්පත' චිත්‍රපටයේ රඟපාමින් රංගනයට එක්වූ ඔහු සැඩොල් කඳුළු, හරි මග, සිදාදියෙන් හයක් , පූජිතයෝ , මාතර ආච්චි , රජ ගෙදර පරවියෝ , ගැහැණු ළමයි, පොඩි මල්ලි , අධිෂ්ඨාන , කරාටේ ජෝ, වදුල ,හිමකතර, රෝසි, කොටි වලිගය , ක්‍රිස්තු චරිතය , මුවන් පැලැස්සේ කදිරා , ජයග්‍රගණය, සුජාතා (නව) , බිතුසිතුවම් , තරණය, දොරකඩ මාරාව.. වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර මාතර ආච්චි (1973) රජ ගෙදර පරවියෝ (1975) ශ්රී මදාරා(1977) සතර දිගන්තය (1981) අධිෂ්ඨාන (1982)වදුල(1984) වේ.

'එක මවකගෙ දරුවෝ', පළිඟු මැණිකේ, මිහිකතගේ දරුවෝ, තාරා දේවි, සිව් මංසල, ගව්වෙන් ගව්ව,සුර අසුර, අවිඳු අඳුර, සුදු මහත්වරු, සොඳුරු සිතැත්ති , සෙනෙහෙලතා මැණිකේ , රතුරෝස , අරවින්ද සහ ඉන්දු, සුදු පරවියෝ, ජීවිත මීවිත , ටිකිරි නිළමේ, කෝකිල ගින්න.. වැනි රූපවාහිනී ටෙලි නාට්‍ය රැසකට ඔහු රංගනයෙන් දායක විය.

ඔහු රංගනයෙන් එක් වූ වේදිකා නාට්‍ය අතර  වෙස්සන්තර , ශ්රි වික්රම , මනරංජන වැඩ වර්ජන ,ඉබිකට්ට, මහ ගෙදර, චෙරි උයන , ලියතඹරා , මහහේනේ ඊරි යකා , අනේ මස්සිනේ, රුධිරය සහ ගංගාව , මහ කොළඹ ,එරබොදු මල් පොට්ටු පිපිලා, ගැහැණියක් , සයුරෙන් ආ ළඳ , ඔන්න බබෝ.. වැනි නාට්‍ය රාශියක් ඇතුළත් වේ.

බකතපස් , අත්තික්කා මල් පිපිලා, හොටබරි යුද්දේ,තහංචි, සොක්කානෝ රජානෝ , අපායේ අවුරුදු වැනි වේදිකා නාට්‍ය සදහා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කරමින් රංගනයෙන් ද දායක වූ නිර්මාණයන්ය.

 
සිනමාව වෙනුවෙන් ලැබූ සම්මාන
අධිෂ්ඨාන චිත්රපටයේ අධ්යක්ෂණය සඳහා ජර්මනියේ මෑන්හයිම් ජාත්යන්තර චිත්රපට උළෙලේ ඩිප්ලෝමා සහතිකය(1982) , හිමකතර චිත්රපටයේ රංගනය සඳහා සරසවි සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය(1984) කොටි වලිගය චිත්රපටයේ රංගනය සඳහා සරසවි සම්මානය (1986)
 
ටෙලි නාට්ය සඳහා ලැබූ සම්මාන
විජය රූපවාහිනී උලෙළේ විශිෂ්ඨ රංගන කුසලතාවය - තාරාදේවි (1987) දියවඩන මළුව නිෂ්පාදනය සහ අධ්යක්ෂණය සඳහා රයිගම් සම්මාන උලෙළේ ජූරියෙ විශිෂ්ඨ සම්මානය (2008) සුමති සම්මාන උලෙළේ යු.ඩබ්ලිව්.සුමතිපාල යාවජීව සම්මානය ( 2009)
 
වේදිකා නාට්ය වෙනුවෙන් ලද සම්මාන.
සොක්කානෝ රජානෝ වේදිකා නාට්ය සඳහා සාම සම්මානය (1984)

 

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබා දෙමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්!

 

තොරතුරු : ඇන්ටන් ජේ ප්‍රනාන්දු

kemadasa

Back to top
Go to bottom