lan englan tam

පුවත්

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි! (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හොලිවුඩ් සිනමා රසිකයින් බලාපොරොත්තුවෙන් සිටින තවත් සිනමා නිර්මාණයක් වන,

ඔස්කාර් සම්මාන ලාභී හොලිවුඩ් සිනමාකරු ක්‍රිස්ටෝපර් නෝලන්(Christopher Nolan) ගේ නවතම චිත්‍රපටය වන "The Odyssey" හි පළමු පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

දැවැන්ත ක්‍රියාදාම ෆැන්ටසි චිත්‍රපටයක් වන මෙය හෝමර්ගේ (Homer) පුරාණ ග්‍රීක වීර කාව්‍යයක් වන 'ඔඩිසි' ඇසුරිනුයි නිර්මාණය වී තිබෙන්නේ.

මීට රංගනයෙන් හොලිවුඩයේ ප්‍රකට රංගන ශිල්පීන් වන Matt Damon (ඔඩිසියස් ලෙස), Anne Hathaway, Tom Holland, Robert Pattinson, Lupita Nyongo’o, Zendaya,Charlize Theron.. වැනි ප්‍රකට රංගන ශිල්පීන් රැසක් එක්වෙනවා.

"The Odyssey" චිත්‍රපටය ලබන වසරේ (2026) ජූලි මාසයේ සිට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා තිරගත වීමට නියමිතයි.

මීට පෙර 2023 වර්ෂයේ තිරගත වූ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘Oppenheimer චිත්‍රපටය 96 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන හතක් දිනා ගැනීමට ද සමත් උනා. 

 

"The Odyssey" චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

kemadasa

Back to top
Go to bottom