සුප්‍රකට මලයාලම් සිනමා අධ්යක්ෂ, 'අනිල් කුමාර්' ගේ සිනමා කෘතියකින්, ජැක්සන්ගේ කේරළ සිනමා සම්ප්‍රාප්තිය සිදුවනු ඇත.
මෙරට දී, දහසය වතාවක්, 'හොඳම නළුවා' ලෙස සිනමාවේ අභිසෙස් ලැබූ ජැක්සන්, 'භාවාත්මකව' චරිත රංගනයේ යෙදෙන විශිෂ්ටයකු බවට වාදයක් නැත..
'ධර්ම යුද්ධය' සිනමා පටය ඇසුරුකොටගත්, දෘෂ්‍යම්, පාපනාසම්, ආදී සිනමාපටයන් හි රඟපෑ, මොහාන් ලාල්, කමල් හසන්, පවා අතික්‍රමණය කරමින්, චරිත නිරූපණ හි යෙදෙන බව, එහි ඉන්දියානු නිෂ්පාදකවරුන්ගේ මතය වී ඇත..
ධර්මයුද්ධය මුල් කෘතිය වූ 'දෘෂ්‍යම්' හි නිෂ්පාදක, ජැක්සන් ඇන්තනී ගැන, ඉතාම පැහැදුණ වග, නිලනොලත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණ..
'ගුරුගෙදර' සිනමාපටය තුළින්, සිනමා රංගනයට පිවිසුණ ජැක්සන්, සිනමාව තුළ ගෙවා දැමූ වසර 25ක කාලය තුළ දී, රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණන 25 කි..
ඔහුගේ, එම තෝරා බේරා කරන රංගනය පිළිබඳව ද, කේරළ සිනමාවේ 'අනිල් කුමාර්ගේ' අවධානයට පාත්‍ර වී තිබේ.. ජැක්සන් රංගනයෙන් දායකවන කේරළ සිනමාපටයට, තවමත් නමක් තබා නොමැත..
ජැක්සන් එහි රංගනයේ යෙදෙනුයේ, තරුණ බිරියක් සරණපාවා ගත්, ඇයට වඩා වැඩිමහල් කඩවසම් සැමියකුගේ චරිතයකි.. අවසානයේ දී ඔවුන් දෙදෙනාගේ කතාව නිමවන්නේ ඛේදවාචකයකිනි..
මෙම සිනමාපටය, දෙමළ සහ මලයාලම් භාෂා ද්විත්වයෙන් රූපගත කිරීම ද විශේෂත්වයකි.. සාම්ප්‍රදායික කේරළ සිනමාපටයන්ගෙන් බැහැරව, ලක්නව් නුවර ඉතාමත් සුන්දර ප්‍රදේශයන් කිහිපයක දී, සිනමා පටය රූපගත කිරීමට නියමිත ය.. 'බීනා උන්නක්රිෂ්ණන්' එය නිෂ්පාදනය කරනු ලබයි.. ජැක්සන් රඟන මෙම කේරළ සිනමාපටය අධ්‍යක්ෂණය කරන අනිල් කුමාර්, සිනමා ක්ෂේත්රයට සපැමිණෙන්නේ, 1989 වසරේ, 'අනාත වෘත්තාන්තම්' සිනමාපටය අධ්‍යක්ෂණය කරමිනි..
'ක්ලයිමෙක්ස්' නමැති, මෑතකාලීනව ඔහු අධ්‍යක්ෂණය කළ සිනමා පටය, වඩාත් කතාබහට ලක්විය.. චිත්‍රපට තිහකට අධික ප්‍රමාණයක්, අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කොට තිබේ.. 'මොහාන්ලාල්' වැනි ඉහළ පෙළේ නළුවන් සමඟ පෑහෙන්නට, අපරට නියෝජනය කරමින්, හෙට දිනයේ කේරළ සිනමාවට පය තබන ජැක්සන් ඇන්තනී මහතා, අප පුංචි රටේ නාමය, ජාත්‍යන්තරයට ගෙන යාමට සූදානම්වීම පිළිබඳව, , හෘදයාංගමව සුබ පතයි..
සරසවිය