ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් සාහිත්‍ය අනු කමිටුව විසින් සංවිධාන කරනු ලබන “වේදිකාවෙන් මහපොළොවට” කෙටි නාට්‍ය උළල 2017/18 සඳහා නාට්‍ය පිටපත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.
එහිදී පාසල් සහ විවෘත යන තරග අංශ දෙක යටතේ සිංහල සහ දමිළ යන මාධ්‍ය ද්විත්වයෙන්ම පිටපත් භාර ගැනේ.
පාසල් අංශය පාසල් සිසුන් සඳහා පමණක් වන අතර විවෘත අංශය වෙනුවෙන් විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන ආයතන හෝ වෙනත් ඕනෑම නිර්මාණකරුවකු සඳහා නිර්මාණ ලබා දිය හැකිය.
ලබා දෙන නිර්මාණය ස්ව නිර්මාණයක් විය වීම, පරිවර්තනයක් නම් එහි මුල් පිටපත එවීම, සැම නිර්මාණයක්ම විනාඩි 30 කට නොවැඩි වීම, මින්පෙර “වේදිකාවෙන් මහපොළොවට” තරගය සඳහා ඉදිරිපත් කර ජයග්‍රහණය කළ පිටපතක් නොවීම, පාසල් අංශයෙන් නම් විදුහල්පති ද විවෘත අංශයෙන් නම් තමා විසින් ද එකී පිටපත් සහතික කොට එවීම යන කරුණු තරගකරුවන් සම්පුර්ණ කළ යුතුය.
එසේම එක් නාට්‍යයකින් පිටපත් 3 බැගින් දෙසැම්බර් 25 වැනිදාට ප්‍රථම නිර්මාණය යොමු කළ යුතු වේ.
නිර්මාණ යොමු කළ යුතු ලිපිනය: සභාපති, සාහිත්‍ය අනු කමිටුව, මහා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ.