ලාංකික නිළි රැජින ප්රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ බව මිරර් ආර්ට් මීට පෙර වාර්තාකර සිටියා.
මේ වන විට නම් ඇය ඉතාමත් සුවදායක මට්ටමක පසුවනබව වාර්තා වනවා. රෝගි තත්ත්වය නිසා ලබා ගත් විවේක සුවයෙන් පස්සේ ඇය යළිත් සිය කලා කටයුතු ආරම්භ කරන්න ලෑස්ති වෙනවා.ඇය මේ බව පවසා තිබුණේ සාරවිට සමඟ කල කතාබහකදීයි.
එහිදී ඇය පවසා තිබුණේ රඟපැමට වඩා තමන් අධ්යක්ෂණයට කැමති බවයි.
චිත්රපටි අධ්යක්ෂණයන කාර්යයකට තමන් සූදානම්වන බව ඇය පවසා තිබුණේ මෙලෙසයි
‘චිත්රපටි අධ්යක්ෂණයන අතරමඟ නතර කළේ නැහැ. රඟපානවට වඩා අධ්යක්ෂණයට මම ගොඩක් කැමතියි. දැන් තියෙන වාතාවරණයත් එක්ක එකපාරටම නිර්මාණයක් කරන්න අමාරුයි. චිත්රපටයක් කරද්දී ගොඩක්ම ආර්ථිකමය පැත්ත ගැන හිතන්න ඕන. අද නිර්මාණකරුවන්ට තියෙන ප්රධානම ප්රශ්නය තමයි චිත්රපටය තිරගත කරගන්න බැරි එක. චිත්රපට කර්මාන්තයට ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක හිතන තරම් ඉක්මණට නිර්මාණ කරන්න අමාරුයි. කොහොම වුණත් චිත්රපටයක් අධ්යක්ෂණය කරන්න තියෙනවා. පිටපත් කිහිපයකුත් ඔළුවෙ තියෙනවා. බලමුකෝ ඉස්සරහට.’