සිය දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය සොයා යන කාන්තාවකගේ කතාව “ත්‍රී බිල්බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් මිසුරි” මෙවර බ්‍රිතාන්‍ය බැෆ්ටා සිනමා සම්මාන උළලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියා තිබේ.
හොඳම සිනමාපටය, හොඳම බ්‍රිතාන්‍ය සිනමාපටය සහ හොඳම නිළිය වෙනුවෙන් (ෆ්රාන්සස් මැක්ඩොමන්ඩ්) ඇතුළු තවත් සම්මාන දෙකක් එහිදී ඔවුන්ට හිමි වී ඇත.
වින්ස්ටන් චර්චිල් ගේ චරිතයට පණ පෙවූ ගැරී ඕල්ඩ්මන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර හොඳම අධ්‍යක්ෂකවරයා ඇතුළු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට ‘ශේප් ඔෆ් වෝටර්’ සිනමාපටය සමත්විය.
සේවා ස්ථානයන්හි සිදුවන ලිංගික අතවර වලට එරෙහිව ගොඩ නැඟුණු “ටයිම්ස් අප්” සහ “මී ටූ” ව්‍යාපෘතිය වෙනුවෙන් සහාය පල කිරීමට සිනමා තරු රාශියක් කළු පැහැ වර්ණයෙන් සැරසී බැෆ්ටා සම්මාන උළෙලට සහභාගී වීම විශේෂත්වයකි.
මින් පෙර පැවැත්වුණු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්රියේදී ද ග්රැමි සංගීත සම්මාන උළලේදීද මෙම ව්‍යාපෘති වෙනුවෙන් කලා තරු සිය නොමද සහය පල කර තිබුණි.