ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ පවුල සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් ඇතුළු ප්‍රකට රංගන ශිල්පින් රැසක් මුණගැසී තිබේ.
බොලිවුඩ් සිනමා ක්ෂේත්රයේ නමගිය චරිත බොහොමයක් සහභාගී වුනු මෙම හමුවීමට අගමැති ඇතුළු පවුලේ සියලු දෙනා ඉන්දීයානු විලාසිතාවන්ගෙන් සැරසී එක්ව සිටීම කාගේත් අවධානය දිනාගත් කරුණක් විය.
එහිදී අග්‍රාමාත්‍යවරයා කුර්තා විලාසිතාවකින් ද ඔහුගේ බිරිඳ සාරි විලාසිතාවකින්ද සැරසී සිටිනු දක්නට ලැබේ. ඔවුන්ගේ දරු දෙදෙනා ද ඉන්දීය විලාසිතාවන්ගෙන් නිර්මිත ඇඳුමින් සැරසී සිටියහ.
ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම හමුව පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.