රිදී රැයක් 14වෙනි වතාවට දෙසැම්බර් 18වන දින නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට තිබේ.70 දශකයේ මෙන්ම සිනමාවේ ජනප්රීය ගීත රැසකට නර්ථන අංගයන් එක්කොට සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් මෙන්ම රූපවාහිනියේ ජනප්‍රිය නළු නිළියන් ගේද දායකත්වයෙන් රිදී රැයක් වසරක් පුරා පවත්වනු ලබන්නේ කළාකරුවන්ගේ සුබසාධන අරමුදල් රැස්කිරීම වෙනුවෙනි.
සිනෙස්ටාර් පදනම මගින් සංවිධානය කරණු ලබන මෙම රිදී රැයක් ප්‍රසංගය තුළින් ලබන ආදායමින් එහි සාමාජික කළාකරුවන්ගේ රක්ෂණය වෙනුවෙන් රුපියල් ලක්ෂයක්ද,එමෙන්ම කළාකරුවෙකුගේ මරණයකදී ද මුදල් පිරිනැමීමක් කරණු ලබන අතර, මෙවර විමල් කුමාරද කොස්තාගේ පවුලේ අයට රුපියල් ලක්ෂයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇති බවද මාසිකව කළාකරුවන් රැසකට රුපියල් 5000ක මුදලක් ද පිරිනමනු ලබන බව ද නිළි රැුජින මාලිනී ෆොන්සේකා මිරර් ආර්ට්ස් වෙත පැවසීය.
"මම බයිපාස් එක කරලා දෙසැම්බර් 10වෙනිදට මාස දෙක සම්පූර්ණවුනා විතරයි. මගේ වෛද්‍යවරයා මට ඔපරේෂන් එකක් කරන්න ඔිනෙ කියලා මුලින්ම කිව්වහම මම ඇහුවෙ "මට රිදී රැයක් කරගන්න යන්න පුළුවන්ද?"කියලයි.
ඩොක්ටර් හිනාවෙලා ඇහුවා "කොයි කාලෙද තියෙන්නෙ" කියලා. මම කිව්වා දෙසැම්බර් කියලා. ඉතින් ඩොක්ටර් කිව්වා ඔයාට ඒකට යන්න පුළුවන් කියලා.
"ඇත්තටම මට එකම එක වසරයි මීට දායකවෙන්න නොලැබුනේ .ඒ මම මීට පෙර මුහුනදුන් ශෛල්‍ය කර්මයක් නිසා. කොහොම නමුත් මේ ප්‍රසංගයට දායක නොවී ඉන්න අමාරුයි. මේ මුදල් එක්රැස් කරන්නේ මේ රටේ කළාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන්.මේ ප්‍රසංගය නරඹන්න එන්නේ සිනමා රසික රසිකාවියන්. ඔවුන් වසර පුරාම බලා ඉන්නවා මේ ප්‍රසංගය පවත්වනතුරු. ඒ අය ප්‍රියකරන චිත්‍රපට ගීත. නළු නිළියන් ... සිනමාවේ අපි එදා කළ රැගුම් නැවත දකින්නයි ඔවුන් එන්නෙ. ඉතින් මම යන්නෙම ඒ නිසා."
"ඉතින් අපි මේ ප්‍රසංගයට දේශපාලනඥයො හෝ වෙන කිසිවකු ආරාධිතයින් හැටියට ආරාධනා කරන්නෙ නැහැ. සියළුම ප්‍රවේශපත් මිළක් නියම කොට අළෙවි කරණවා. මේ හැම මුදලක්ම අපේ රටේ කළාකරුවන් වෙනුවෙන් තමයි යොදවන්නෙ. මේ සඳහා දායකවන කිසිඳු රංගන ශිල්පියෙක් ශිල්පිණියක් මුදල් අය කරන්නෙ නැහැ. නමුත් ඒ සියළු දෙනාම කැපවීමෙන් මේ රිදී රැයක් සඳහා දායකවනවා.මේ සැරේ මමත් දායකවෙනවා.මොනවා තිබුනත් රිදී රැයක් වෙත මගේ දායකත්වය මම ලබාදෙනවා".මාලිනී එසේ කීවේ සිනහසෙමිනි.
2003 වසරේ මාලිනී ෆොන්සේකා වෙනුවෙන් උත්කර්ෂවත් සිනමා උළෙලක් පැවැත්වීමෙන් පසු අප්‍රියෙල් මස 30වනදින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ "මාලිනියේ" නමින් උපහාර උළෙලක් පැවැත්වුනේ මාලිනීගේ 70 දශකයේ ජනප්‍රිය සිනමා ගීත වේදිකාව මත විචිත්‍රණය කරමින් පැමිණ සිටි පේ්රක්ෂකයන් අමන්දානන්දයට පත්කරමිණි. මේ මාලිනියේ ප්‍රසංගය රිදී රැයක් ඇරඹීමට ප්රදාන් උත්තේජනය විය. එතැන් පටන් රදිී රැයක් අඛන්ඩව වසර 14ක් පුරා ලංකාවේ මෙන්ම වෙනත් රටවලද පවත්වන ලදී. එලැඹෙන වසරේ මාර්තු මාසයේද විදෙස් සංචාරයක් ඇති බව මාලිනී පැවසීය.