තමන් “විරල ඝනයේ රෝගයකින්” පිඩා විඳින බව ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් හෙළි කර තිබේ.
රෝගී තත්වය පිළිබඳව අනුමාන නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු, ඒ සම්බන්ධයෙන් සිදුකල වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිපල පැමිණි විට රසිකයන් වෙත දැනුම් දෙන බවටත් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.
51 හැවිරිදි වියේ පසුවන ඉර්ෆාන් ඛාන් සිනමාපට 100 කට අධික සංඛ්‍යාවකට රංගන දායකත්වය සපයා තිබේ.
ඔහු මෑතකාලයේ රඟපෑ මධාරි, පිකු, මක්බූල් වැනි බොලිවුඩ් සිනමාපට අතිශය ජනප්‍රියත්වයට පත්විය.
ඔහු කාන්ස් වැනි ප්‍රකට ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල වලදී පවා ඇගයීමට පාත්‍ර වූ රංගන ශිල්පියෙකි.
ජුරාසික් වර්ල්ඩ්(2015) , ලයිෆ් ඔෆ් පයි, ස්ලම් ඩෝග් මිලියනරි, ද අමේසින්ග් ස්පයිඩර් මෑන්, ඉන්ෆර්නෝ වැනි ප්‍රකට ඉංග්‍රීසි සිනමාපට සඳහා ද ඔහු සිය රංගන දායකත්වය ලබා දී ඇත.