අතීත මතක සටහන් සහිත සිනමාපට සංරක්ෂණ ක්‍රමවේදය නොමැති බැවින් කාලයත් සමග විනාශ මුඛයට ලක් විය. 1958 වර්ෂයේ සිට පවතින මෙම අවශ්‍යතාවය පිළිබඳ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සුවිශේෂී කලාකරුවන්ගේ ඉල්ලීම අවධාරණය කරමින් හා ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දමිත් ෆොන්සේකාගේ ඉල්ලීම පරිදි වර්තමාන රජය චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනයට හා සංරක්ෂණය කිරීමට තිරණය කර ඇත. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 20 ක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇත.
අදාළ මූල්‍ය ප්රතිලාභ ප්‍රේක්ෂක ජනතාවට ලබාදෙමින් ගාමිණී ෆොන්සේකා පදනම හා ජාතික චිත්‍රපට සංස්ථාව හා ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණ සංවිධානය සහයෝගීතාවය යටතේ චිත්‍රපට ප්‍රතිෂ්ඨාපන සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩ මුළුවක් සහ කතිකාවක් එළඹෙන මාර්තු 12, 13, 14 තෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එදිනට ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දමිත් ෆොන්සේකාගේ ආරාධනය පරිදි විදේශීය දේශකයන් ලෙස ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණ සංවිධානයේ ඩිජිටල් සංරක්ෂණ පිළිබඳ උපදේශක ඩේවිඩ් වෝල්ස්, ඕස්ටේ්රලියාවේ ජාතික චිත්‍රපට හා ශබ්ද සංරක්ෂණාගාරයේ සංරක්ෂණය පිළිබඳ හිටපු කළමනාකරු මික් නෙව්හාම්, ඉන්දියාවේ දුන්ගාපූර් චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂක චිත්‍රපට උරුමය පිළිබද පදනමේ ආරම්භක අධ්‍යක්ෂක සෙවේන්ද්ර සිං ඩන්ගපූර් සහභාගි වෙති.
- 03. 12, 13 දෙදින දළුගම සරසවි චිත්‍රාගාරයේදී වැඩමුළුව පවත්වන අතර, 14 වන දින ශ්‍රී ලංකා සිනමා උරුමය සුරැකීම පිළිබඳ කතිකාව ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. මෙයට සමගාමීව එදින පස්වරු 6.30 ට ඩිජිටල් සිනමා පිටපත් තාක්ෂණය යටතේ පරිවර්තනය කළ රේඛාව සිනමාපටය තිරගත කරනු ලැබේ.
නිශ්ශංක විජේරත්න