ස්වාමීන් වහන්සේලා කිහිපදෙනෙක් ධර්ම චක්‍ර සහිත පාවහන් විකුණන බව කියමින් පාවහන් අලෙවිසැලක් වටලන වීඩියෝවක් පිළිබඳව පසුගියදා කතාබහට ලක්වුණා.
ඒ කොහොම වුණත් එම පාවහන් වල ඇත්තේ ධර්ම චක්‍රය නොව නැව්වල ඇති සුක්කානමේ හැඩය බව මේ වන විට සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එකකරමින් සියලු නැව්වල බෝට්ටුවල ඇති ධර්මචක්ර ඉවත් කළ යුතු බවට සටහනක් එක් කර තිබෙනවා.
එම සටහනත් සමඟම ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවට මුස්ලිම් ජාතිකයයන් ඡාතිභේදයකින් තොරව විවිධ සමාජ සත්කාරයන්හි නියැලෙන අකාරයේ වීඩියෝ එක්කරමින් එවැනි වීඩියෝ තමට එවනා ලෙසද ඉල්ලා තිබේනවා.
එසේම පිට රට සිටින ‘ ලාංකිකයින් ගෙන් ඉල්ලීමක් කරමින් ඉරාජ් සඳහන් කර තිබුණේ අන්තවාදය වපුරන මුදලාලින්ට සල්ලි එවන්න එපා ඔබගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි හොද දේකට යොදවන්න කියාද’ ඔහු ඉල්ලා සිටිනවා.