ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ 2006 දී ලිංගික ඇසුරක් පැවැත්වූ බවට කරුණු හෙළි කිරීමෙන් වැළකී, නිශ්ශබ්දව සිටින ලෙසට තමන්ට තර්ජන එල්ල වුයේ යැයි නිල් චිත්රපට නිලියක් චෝදනා එල්ල කර තිබේ.
2011 වසරේ ලාස් වෙගාස් නුවර රථ ගාලක් අසල සිටියදී තමා අසලට පැමිණි නාදුනන පුරුෂයෙක් මෙසේ තර්ජනය කළ බව ස්ටෝමි ඩැනියල් නම් නිළිය CBS ප්රවෘත්ති සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී පැවසුවාය.
“ට්රම්ප්ට පාඩුවේ ඉන්න දෙන්න” යැයි පැවසු නාදුනන පුද්ගලයා සිය තරුණ දියණිය දෙස බලා “එයාගේ අම්මාට මොකක් හරි අනතුරක් වුනොත් වස ලැජ්ජාව” යැයි පැවසු බව ස්ටෝමි පවසා ඇත.
කෙසේ වෙතත් මෙම නිල් නිළිය සමඟ ජනපති ට්රම්ප් ලිංගික සම්බන්ධයක් පවත්වා නැති බව නිවේදනය කරන එක්සත් ජනපද ජනපති නිළ නිවාසය ඇය එල්ල කරන චෝදනා තරයේ ප්රතික්ෂේප කර තිබේ.
හෙළිදරව් නොකෙරුණු ගණුදෙනුවක් කඩ කිරීම යන චෝදනාව මත ඇගෙන් ඩොලර් මිලියන 20 ක මුදලක් අය කරගැනීමට ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරයාගේ නීතිඥවරු කටයුතු කරමින් සිටියි.