ප්‍රවීණ නවකතා රචක සහ කෘතහස්ත මාධ්‍යවේදි චන්ද්‍රසිරි දොඩන්ගොඩ ඊයේ (27) අභාවප්‍රාප්ත විය.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මිය යන විට හැට හයවන වියේ පසුවිය.
පුජාසනය, භෂ්මාවශේෂ, සැනසුම සොයා, මගේ සඳ ඔබ, පිටුවහල් කළ මිනිසෙක්, දළ බිඳුම ඇතුළු නවකතා 35 කට ආසන්න ප්‍රමානයක් ඔහු අතින් ලියවී තිබේ.
අසුව දශකයේ මුල් භාගයේ යොවුන් මාධ්‍යවේදියකු ලෙස දිවයින පුවත්පත හා සම්බන්ධ වූ ඔහු ඉන් විශ්‍රාම යන විට එහි විශේෂාංග කර්තෘ පදවිය හෙබවීය.
ඔහුගේ දේහය රාගම කුරුකුලාව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සවස සිදු කිරීමට නියමිතය